ඉන්දීය සංචාරකයන්ට මෙරට පැමිණීමට බුබුළෙන් ඉඩ – ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවේ සංචාරයට බුරුළක් නෑ

ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර කොවිඩ් ආරක්ෂිත සංචාරක බුබුලක් සම්බන්ධයෙන් දෙරට අතර තීරණයකට එලඹ ඇත.

මේ අනුව ඉන්දියානු ව්‍යාපාරිකයන්ට, මෙරට විවිධ ආයතනවලට සම්බන්ධ වෘත්තිකයන් තාක්ෂණඥයින් ට සහ සංචාරකයන්ට ශ්‍රි ලංකාවට පැමිණීමට හැකියාව ලැබෙන අතර තවමත් ශ්‍රි ලාංකික සංචාරකයන්ට ඉන්දියාවේ සංචාරය කිරීම සඳහා අවසරය ලබා දී නොමැත.

මේ සම්බන්ධයෙන් දෙරට අතර එකඟතාවන්ට පැමිණ ඇති අතර සාමාන්‍ය ගුවන් ගමන් යළි සුපුරුදු ලෙස ආරම්භ වන තෙක් මෙම සංචාරක බුබුළ ක්‍රියාත්මක වන බව සඳහන් වේ.


ඒ අනුව විශේෂිත ගුවන් යානා කිහිපයක් ඉදිරියේදී ඉන්දියාවේ ප්‍රධාන නගර කිහිපයක සිට කටුනායක බලා ගමන් ආරම්භ කිරීමට නියමිතය.

ඉන්දියාවේ සිට පැමිණෙන මෙම ගුවන් යානාවලින් ඉන්දීය ජාතිකයන්ට අමතර ව නේපාල සහ භූතාන ජාතිකයන්ටද පැමිණීමට අදාළ අවසරය ලබා දී තිබේ.

එයට අමතර ව ඉන්දියාව නොවන රටක පාස්පෝට් සහිත ඉන්දියානුවන්ටද මෙමම සංචාරක බුබුළ යටතේ කොවිඩ් රෙගුලාසිවලට අනුව මෙරට තුළ සංචාරය කළ හැකිය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද ශ්‍රි ලාංකිකයන්ගෙන් ඉන්දියාවට සංචාරය කිරීමේ අවසරය හිමිවන්නේ විශේෂිත අවශ්‍යතාවක් මත සංචාරය කිරීමට අවැසි ශ්‍රි ලාංකිකයන්ට පමණක් වන අතර සංචාරකයන්ට ශ්‍රි ලාංකිකයන්ට සංචාරකයන් ලෙස තවමත් ඉන්දීය අවසරය ලැබී නැත.

Exit mobile version