ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී අඟහරුවාදා ශ්‍රී ලංකාවට

දිලංක ගුණතිලක –

ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන දින පහක නිල සංචාරයක් සඳහා එළඹෙන අඟහරුවාදා (12) දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ආරාධනයකට අනුව ඉන්දීය හමුදාධිපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණේ.

ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානීගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා සමඟ සාකච්ඡා කිහිපයක්ම පැවැත්වීමට නියමිතව ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධහමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සමඟ ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේ දී නිල හමුවක් ද පැවැත්වීමට නියමිතය. මේවන විට ඉන්දීය සහ ශ්‍රී ලංකා යුද්ද හමුදා සාමාජිකයින් මෙරටදී පවත්වන මිත්‍ර ශක්ති යුද අභ්‍යාසයේ අවසන් අභ්‍යාසය නැරඹිම සඳහාද ඉන්දීය හමුදාධිපතිවරයා සහභාගීවීමට නියමිතව ඇත.


Exit mobile version