ඉන්දීය බෝට්ටුව යාපනයෙන් පැමිණි බව සිතන සැක කටයුතු පරවියෙක්…

දිනසේන රතුගමගේ

ඉන්දීය ධීවරයෙකුගේ බෝට්ටුවක් තුළ ගැට ගසා සිටි සැක සහිත පරෙවියෙකු එම ධීවරයාට හමු වීමෙන් පසුව ධීවරයා එම පරෙවියාව තමිල්නාඩු රාමනාදන්පුරම් පොලිසිය වෙත ඊයේ ( 20 )  බාර දී තිබේ.

බෝට්ටුව තුළ නයිලෝන් නූලකින් ගැට ගසා සිටි පරෙවියාගේ එක් කකුලක අක්ෂර වලින් ලියන ලද  පණිවුඩයක් තිබූ බවත් අනෙක් කකුලේ ඉලක්කම් කීපයක් සහිත ඛේතයක් තිබූ බවත් තමිල්නාඩු පොලිසිය  වාර්තා කොට ඇත.රකාශ කොට තිබේ.

රාමනාතන්පුරම් පොලිසිය ප්රකාශ කොට ඇත්තේ එම පරෙවියා යාපනය ප්රදේශයෙන් පැමිණ ඇති පරෙවියෙකු බවට සැකකරණ බවයි.

එහෙත් එම පරෙවියා බෝටුව තුළට පැමිණි ආකාරය පිළිබදව නිශ්ඡිත තොරතුරක් වාර්තා වී නොමැත.


ඉන්දියාවේ ධීවරයා ධනුස්කොඩි ප්රදේශයෙන් මසුන් මැරීම සදහා පිටත්ව ගොස්  මුහුදු සැතපුම් 7 ක් පමණ දුර ගිය විට මෙම පරෙවියාව දැක තිබේ.

රාමේෂ්වරම් පුලිදේවන් නැමති එම ධීවරයා විසින් සැකකටයුතු පරෙවියා පොලීසියට බාර දීමෙන් පසුව ප්රශ්න කිරීම සදා ඔහුවද පොලිසියේ රදවා ගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රාමනාදන්පුරම් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version