ඉන්දීය නාවික හමුදා නියෝජ්‍ය ප්‍රධානියා ගුවනින් පැමිණ මන්නාරම අවට නිරීක්ෂණයේ…

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන්දියාවේ රාමේස්වරන් හා මන්නාරම අතර මුහුදු මාර්ගය ඔස්සේ සිදුවන නීති විරෝධී ජාවාරම් සඳහා ඇති ඉඩකඩ නිරීක්ෂණය කිරීම පිණිස ඉන්දීය නාවික හමුදාවේ නියෝජ්‍ය ප්‍රධානී අද්මිරාල් ජෙනරාල් ඒ.බී.සිං ඇතුලු පිරිසක් 25 දා විශේෂ හෙලිකොප්ටරයකින් නිරීක්ෂණ මෙහෙයුමක් දියත් කොට තිබේ.

පසුගිය 23 වෙනිදා රාමේස්වරන් ඇතුලු ව ශ්‍රී ලංකාවේ උතුරු පළාතට ආසන්නයේ පිහිටි වරාය වලින් බෝට්ටු ගමන් කරන ආකාරය නිරීක්ෂණය කළ මේ පිරිස 25 දා මන්නාරම් බොක්ක ආශ්‍රිතව විශේෂ නිරීක්ෂණයක යෙදී තිබේ.

ඉන්දියාවේ රාමෙස්වරන් සිට මුහුදු මාර්ග ඔස්සේ කේරළ ගංජා මත්ද්‍රව්‍ය රත්තරන් හා සෙසු නීති විරෝධී ද්‍රව්‍ය වැඩි වශයෙන් ශ්‍රී ලංකාවේ මන්නාරම දෙසට පැමිණීමට පටන් ගැනීමත් සමගම මෙම නිරීක්ෂණ මෙහෙයුම සිදු කොට තිබේ.

දින දෙකක මෙම නිරීක්ෂණ මෙහෙයුමෙන් පසුව ඉන්දීය නියෝජ්‍ය නාවික ප්‍රධානියා ඇතුලු පිරිස ඉන්දියාවේ හෝග් ගුවන් හමුදා කදවුරේදී නාවික හා ගුවන් හමුදා නිලධාරීන් සමග සාකච්ඡාවක් පවත්වා ඇත.

Exit mobile version