ඉන්දීය ධීවර මැරකම්වලට එරෙහිව උතුරේ ධීවරයෝ අඛණ්ඩ උපවාසයක් අරඹති!

දිනසේන රතුගමගේ –

ඉන්දීය ධීවරයින් උතුරු මුහුදු සීමාවට පැමිණීම නතර කරණ ලෙසත් උතුරේ ධීවරයින්ට ඔවුන්ගෙන් සිදු වන හානි නවතා දමන ලෙසත් ඉල්ලමින් යාපනයේ වඩමරච්චි ධීවරයින් ඇතුලු තවත් ධීවරයින් පිරිසක් අඛණ්ඩ උපවාසයක් වඩමරච්චි මුහුදු වෙරළේදී  ඊයේ (10 ) ආරම්භ කොට තිබේ.

ඉන්දීය ධීවරයින් පිරිසක් යාපනයේ ධීවරයින් හතර දෙනෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සාධාරණයක් ඉටු නොවූ බව කියමින් මේ ධීවරයෝ උපවාසය ආරම්භ කොට තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනයේ ධීවරයෝ කොටස්වලට බෙදී මෙම උපවාසය අඛණ්ඩව පවත්වා ගෙන යාමට තීරණය කොට ඇති අතර තවත් ධීවර නියෝජිතයින් පිරිසක් ධීවර අමාත්‍යවරයා ධීවර අධ්‍යක්ෂවරයා හා නාවික හමුදා නිලධාරීන් හමු වීමට පියවර ගෙන තිබේ.


Exit mobile version