ඉන්දීය ධීවර කොල්ලයේ හානි පූර්ණයට ඉන්දියාවෙන් උතුරේ ධීවරයන් වෙත  සහන මල්ලක්…

Indian-High-Commition

දිනසේන රතුගමගේ

ඉන්දීය ධීවරයින්ගෙන් උතුරේ ධීවරයින්ට සිදුවන බලපෑම  හා එම ධීවරයින්ගේ ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන රුපියල් 6000 ක් පමණ වටිනා සහන මල්ලක් උතුරේ ධීවරයින් වෙත ලබා දීමට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය තීරණය කොට තිබේ.

ඒ අනුව එම වැඩ පිළිවෙලේ පලමු අදියරය යටතේ යාපනයේ හා මන්නාරමේ ධීවරයින්ට සහන මල්ල පරිත්‍යාග කිරිමට ඉන්දීය මහ  කොමසාරිස් කාර්යාලය කටයුතු යොදා තිබේ.

උතුරේ ධීවරයින්ට ලබා දීම සදහා සහන මලු 1000 ක් මේ වන විට යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් සකසා තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීට පෙර චීන සමාගම් කීපයක් උතුරේ ධීවර කටයුතු වල නිරත වූ අවස්ථා වලදී ඔවුන්ගෙන් උතුරේ ධීවරයින්ට සිදු වූ අලාභයන් සැලකිල්ලට ගෙන රුපියල් 5000 ක් පමණ වටිනා සහන පැකේජයක් ප්‍රදානය කොට තිබුණි.

 

Exit mobile version