ඉන්දීය ධීවරයෝ යළි කොල්ලය අරඹති… බලෙන් අතුළු වී උතුරේ ධීවරයින්ගේ දැල් කපා මාළුත් කෝලලකාලා.

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නාවික හමුදාවේ මෙහෙයුම් නිසා කාලයක් නිහඬව සිටි ඉන්දීය ධීවරයෝ යළිත් වරක් උතුරු මුහුදට පැමිණ බලහත්කාරයෙන් මසුන් මරමින් යාපනයේ ධීවරයින්ගේ දැල් වලට හානි සිදු කොට ඇති බව වඩමරච්චි ධීවර සංගමයේ සභාපති නාගරාසා වර්ණකුලසිංහම් ධීවර නායකයා අද ( 4 ) පැවසීය.

කොවිඩ් වසංගතය නිසා නාවික හමුදාව ඉන්දීය ධීවරයින් අත් අඩංගුවට ගැනීම වෙනුවට ඔවුන්ව ආපසු පලවා හැරීම සිදු කරන නිසා කිසිදු බියකින් තොරව ඉන්දීය ධීවරයන් පසුගිය පලවෙනිදා සිට යළිත් උතුරු මුහුදට පැමිණෙන්නට පටන් ගෙන ඇති බවද ධීවර සංගමයේ සභාපතිවරයා පැවසීය.

ඉන්දීය ධීවරයින් උතුරු මුහුදට බලහත්කාරයෙන් පැමිණිමට අමතරව උතුරේ ධීවරයින් සතු දැල් කපා දමා ඇති ඉන්දීය ධිවරයන් එම දැල් වලට හසු වී සිටි මසුන්ද කොල්ලකා පලා ගොස් ඇති නිසා උතුරේ ධීවරයන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටින බවද ඔහු සඳහන් කළේය.

මේ වසර අවසන්වීමට පෙර ඉන්දීය ධීවරයින්ගේ ප්‍රශ්නය හමාර කරණ බවට ධීවර අමාත්‍යවරයා උතුරේ ධීවර සංගම්වලට ප්‍රතිඥාවක් දී තිබියදී ඉන්දීය ධීවරයින්ගෙන් උතුරේ ධීවරයින්ට සිදුවන අලාභයන් හා හානි වැඩිවන්නට පටන්ගෙන ඇති බවද වඩමරච්චි ධීවර සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version