ඉන්දීය ධීවරයෙකුගේ සිරුරක් අලෙයිපිඩ්ඩි වෙරළේ…

දිනසේන රතුගමගේ –

ඉන්දීය ධීවරයෙකුගේ බවට සැක කරන මළ සිරුරක් 4 දා සවස යාපනයේ වේලනෙයි අලෙයිපිඩ්ඩි වෙන්පුරානගර්  මුහුදු වෙරළට ගොඩ ගසා තිබියදී ධීවරයින් පිරිසකට හමු වී තිබේ.

යාපනයේ කයිට්ස් පොලීසියට මේ බව දැණුම් දීමෙන් පසුව පොලීසිය අදාල මළසිරුර සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කොට ඇති අතර මළ සිරුර කයිට්ස් රෝහල වෙත යවා තිබේ.

කයිට්ස් පොලීසිය අදාල මළ සිරුර සම්බන්ධයෙන් කළ පරීක්ෂණ වලදී දැනට හෙළි වී ඇත්තේ සැප්තැම්බර් මස 30 දා නගුලේස් නැමති ඉන්දීය ධීවරයෙකු රාමනාදන්පුර මුහුදේ මසුන් මරමින් සිටියදී අතුරුදහන් වී ඇති බවට උතුරේ පොලිස් ස්ථාන වලට තොරතුරු ලබා දී ඇති බවයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේද සහය ඇතිව  මුහුදු වෙරළට ගසා ගෙන ආ මළ සිරුර එම පුද්ගලයාගේදැයි හදුණා ගැනීමට කයිට්ස් පොලීසිය පියවර ගෙන තිබේ.

Exit mobile version