ඉන්දීය තෙල් ණය: තාම ලැබුණේ දෙන්නම් කියන ලියුම විතරයි!

fuel - dollars

ඉන්දීය රජයෙන් මෙරට ලබාදීමට එකඟ වූ ඩොලර් මිලියන 500ක ණය පහසුකම ලබාදීමට කැමති බව කියන ලිපියේ පිටපතක් තමා ද ලද බවත් එය ලැබීමට තවත් අදියර ගණනාවක් පසුකළ යුතු බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ණය ගෙවූ විට යළිත් ලබාගත හැකි වන පරිදි මෙන්ම ඉතා ආකර්ෂණීය පොලියක් යටතේ මෙම ඉන්ධන ණය පහසුකම පිරිනමා ඇති බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“London Inter Bank Offering rate (LIBO) පවතින අනුපාතයට 1.25% ක ප්‍රතිශතය එකතු කරපු ණය ණය පොලී අනුපාතයක් එතකොට 2% වගේ ණය ණය පොලි අනුපාතයක් තමයි මෙම ණය පහසුකමට පොලිය අය කරන්නේ. මේ ඩොලර් මිලියන 500 ගෙවන්න අපිට වසරක කාලයක් ලැබෙනවා. අපි ඒක ගෙව්වට පස්සෙ නැවත නැවතත් එය අපිට පාවිච්චි කිරීමේ හැකියාව තිබෙනවා. නමුත් දැනට අපට ලැබිලා තියෙන්නේ පිරිනැමීමේ ලිපිය පමණයි. ඉන් පසුව අපිට ගිවිසුම් පිටපත ලැබෙන්න ඕන. එම ගිවිසුම් පිටපත නීතිපතිවරයා විසින් නිෂ්කාශනය කරාට පස්සේ අපේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවක් ඉන්දියාවේ එක්සිම් බැංකුවත් අතර ගිවිසුමක් අත්සන් තැබෙන ඊට පසුව ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරලා අපිට අවශ්‍ය ඉන්ධන තොග මෙමගින් මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා” යයිද බලශක්ති අමාත්‍යවරයා කීය.


Exit mobile version