ඉන්දීය ණය ආධාර යටතේ ඖෂධ ගෙන්වීම අවුලෙන් අවුලට… දෙවන වරටත් ටෙන්ඩර් කැඳවයි!

medicine

ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ   ඖෂධ ආනයනය කිරීම සඳහා වෙන් කර ඇති  ඇමරිකානු ඩොලර් මිලියන 200න්  ඖෂධ ගෙන්වා ගැනීමට සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට දෙවැනි වරටත් ටෙන්ඩර් කැඳවීමට සිදු වී ඇතැයි වාර්තා වේ.

පසුගිය අප්‍රේල් මාසයේ කළ ටෙන්ඩර් කැඳවීම අනුව  මේ දක්වා කිසිදු සැපයුම් කරුවෙක්  ටෙන්ඩර් භාර නොගැනීම හේතුවෙන් මෙලෙස දෙවැනි වරටත් ටෙන්ඩර් කැඳවීමට සිදුවී තිබේ.

මෙම ඖෂධ ලබා ගත යුතු වන්නේ ඉන්දියාවෙන් පමණක්වන අතර  ඒ සඳහා සැපයුම්කරුවන්ට මූල්‍යමය වගකීමක් ලබා දීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට නොහැකි වීම මෙම ප්‍රමාදයට  ප්‍රධාන වශයෙන්ම   හේතු වී ඇත.

සැපයුම්කරවන් අපේක්ෂා කරන්නේ ණයවර ලිපියක් වුවත් සංස්ථාව නිකුත් කරන්නේ මිලදී ගැනීමට අදාල ඇනවුමක් පමණි. .


ඉන්දියාවෙන් ණය මුදල් මෙරටට ලබා නොදෙන හෙයින් ණයවර ලිපි නිකුත් කිරීමට  ද හැකියාවක් නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පවසා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ණයවර ලිපියකින් තොරව ආනයනය කෙරෙන භාණ්ඩ සදහා මුදල් ගෙවීමේ නිසි වගකීමක් නොමැති බව සැපයුම්කරුවෝ පෙන්වා දෙති.

Exit mobile version