ඉන්දීය ආධාර කඩිනමින් ගෙන්වා ගන්න ඉන්දියාව – යාපනය නැව් සහ ගුවන් සේවා ආරම්භ කරනවා.  – දේවානන්දා

දිනසේන රතුගමගේ –

යාපනයේ කන්කසන්තුරේ හා ඉන්දියාවේ  රාමේස්වරන් පොන්ඩිචෙරි අතර නැව් සේවාව ආරම්භ කිරීමට හා යාපනය තිරිච්චි අතර ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට තමන් රජයට යෝජනා කළ බවත් ඊට මේ වන විට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බවත් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසයි.

අමාත්‍යවරයා කියා සිටියේ ඉන්දියාවේ සිට ලැබෙන ආධාර ඉතා කඩිනමින් ලබා ගැනීම සඳහා නැව් සේවාව ඉතාම වැදගත් බවත් හදිසි ඖෂධ  වර්ග ගෙන්වා ගැනීමේදී ගුවන් සේවාව ඉතා වැදගත් බවත්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති නිසා ඉතා ඉක්මනිම නැව් සේවාව හා ගුවන් සේවාව ආරම්භ කිරීමට හැකි වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Exit mobile version