ඉන්දීයාව් සාමය එරෙහිව ක්‍රියාත්මක මෙහෙයුමක් ගැන හෝඩුවාවක්

සැලසුම් සහගත කණ්ඩායම් විසින් ඉන්දියාවේ පවතින සාමකාමී තත්ත්වය භාදා පැමිණීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව ඉන්දීය උප ජනාධිපති එම්. වී නයිදූ පවසයි.

ඉන්දීය සංස්කෘතිය අනුව කිසිම ආගාමකට, ජන කොට්ඨාසයක හෝ වෙන් ජන පිරිසකට හානියක් කිරීමක් සිදු නොවන බවත් සියලු දෙනා ඉතා සාමකාමීව කටයුතු කිරීමට පුරුදුව සිටින බවද උප ජනාධිතිවරයා මෙහිදී පෙන්වා දී ඇත.

ඒ අනුව සෑම පුරවැසියෙක් සතුවම වෛරය ක්‍රෝධය පතුරුවන්න් හට එරෙහිවීමත් එවැන් වැඩසහන් වලට සහය නොදීමටත් වගකීමක් පවතින බවද හෙතෙම පවසා තිබේ.


මෙම සැලසුම් සහගත කණ්ඩායාම් විසින් ජාත්‍යන්තරය ඉදිරියේ ඉන්දියාවට පවතින පිළිගැනීම පළුදු කිරීමට උත්සහ කරන බවද එමගින් කීර්තිමත් ඉන්දීය සංස්කෘතියට අවමන් කිරීමටද උත්සහකරන බවද උප ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

මෙහිදී ඉන්දීය උප ජනාධිපතිවරයා විසින් මහත්මා ගාන්ධි විසින් ඉන්දියාව තුල සාමය ස්ථාපිත කිරීමට කටයුතු කළ ආකාරයක් එම පියවර සියලුදෙනා ආදර්ශයට ගෙන කටයුතු කිරීම තුලින් සාමාකාමී සමාජයක් ස්ථාපිත කිරීමට හැකියාව නිර්මාණය කළ හැකි බවද පෙන්වා දී තිබිණි.

මේ අතර ඉන්දීය තරුණ පිරිසට එරට පවතින දරිද්‍රතාවය පරාජය කිරීමටත්, සාක්ෂරතා අභියෝග, සමාජ බෙදීම් අවම කරමින් නව ඉන්දියාවක් බිමි කිරීමට පෙරමුණට පැමිණෙන ලෙසටද ඉල්ලා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන්දීය අග්‍රමාත්‍ය නිරෙන්ද්‍ර මෝදී විසින් ඉන්දියාවේ සාමකාමී බව ආරක්ෂා කිරීමට ගෙන ඇති පියවර පිළිබඳවත් එම වැඩපිළිවෙල ඉදිරියටත් ශක්තිමත්ව පවත්වාගෙන යන බවටත් වැඩිදුරත් ප්‍රකාශ කර ඇත.

Exit mobile version