ඉන්දිය විදේශ ඇමති නමින් පලවුණු ව්‍යාජ ට්විටර් ප්‍රකාශයට මහකොමසාරිස් කාර්යාලයෙන් උත්තරයක්

ශ්‍රි ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් බවට පත් කර ගැනීමේ අභිලාශයෙන් සිටින බවට ඉන්දිය විදේශ අමාත්‍ය ආචාර්ය ජේ ජයශංකර් පවසන ආකාරයෙන් ව්‍යාජ  ලෙස සකසන ලද සටහනක් ටිව්ටර් ගිණුමට සමාන ලෙසිකන් ව්‍යාජව පළ වීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන ශ්‍රි ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මෙම ප්‍රචාරයේ පවතනි ද්වේශ සහගත අන්තර්ගතය තරයේ හෙළි දකින බව ප්‍රකාශ කරයි.

එමෙන්ම තවදුරටත් මේ සම්බන්ධයෙන් කොළඹ මහකොමසාරිස් කාර්යාලය පවසන්නේ මෙය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සමීප, මිත්‍රශීලී සහ ඉපැරණි සබඳතා දුර්වල කිරීමට බංකොළොත් පාර්ශවයන් විසින් ගන්නා නින්දිත ප්‍රයත්නයන් බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එය කිසිදා සාර්ථක නොවනු ඇති බවත් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය කියන්නේය.


Exit mobile version