ඉන්දියාව හා චීනය අතර සෘජු ගුවන් සේවා ඇරඹේ

චීනයේ ඉගෙනුම ලබන ඉන්දීය සිසු සිසුවියන් යළි චීනයට ගෙන්වා ගැනීම සඳහා දෙරට අතර සෘජු ගුවන් ගමන් වාර ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මේ වන විට දෙරටේ බලධාරීන් සාකච්ඡා කරන බව චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශ වැන්ග් වෙන්බින් පවසයි. ඔහු මේ බව පැවසුවේ ඉන්දීය සිසුන් චීනයට ගෙන්වා ගැනීම පිළිබඳ නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

කොවිඩ් වසංගතය හේතුවෙන් චීනයේ ඉගෙනුම ලැබූ සිසු සිසුවියන් බොහෝ දෙනෙකු සිය ගම්රටවල් බලා පිටත්ව ගිය අතර චීනය තවමත් ජාත්‍යන්තර සංචාර සම්බන්ධයෙන් දැඩි නීතිරීති ක්‍රියාත්මක කරයි. ඉන්දියානුවන්ට ද සංචාරක තහනම් යොදා තිබෙන නිසා දෙරට අතර සෘජු ගුවන් සේවා පද්ධතියක් සකස් කිරීම පහසු කටයුත්තක් නොවේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


චීනයේ විශ්ව විද්‍යාලවටල පැමිණීම සදඟා මේ වන විටත් ඉන්දියානු සිසුන් 2000කට වැඩි පිරිසක් මඟ බලා සිටිනා අතර ශීෂ්‍ය වීසා බලපත්‍ර යළි නිකුත් කරන බවට චීනය කිසිදු නිවේදනයක් කර නැත. කෙසේ වෙතත් පාකිස්ථාන හා ශ්‍රී ලංකා සිසුන් පිරිසකට යළි විශ්ව විද්‍යාලවලට යෑමට චීනය අවස්ථාව ලබා දී තිබේ.


Exit mobile version