ඉන්දියාව සහ යුරොපා සංගමය මානව හිමිකම් ගැන සාකච්ඡාවක

India and European Union

ඉන්දීය රජය සහ යුරොපා සංගමය විසින් මානව හිමිකම් සම්බන්ධයෙන් වූ දසවන සාකච්ඡා වටය සාර්ථිකව අවසන් කෙරිණි.

එහිදී ඉන්දීය රජය සහ යුරොපා සංගමය මානව හිමිකම් ආරක්ෂා කිරීමට ගතහැකි ඉදිරි පියවර සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

මෙහිදී මාවන හිමිකම් ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුව තිබේ. මෙම සාකච්ඡා වලදී යුරෝපා සංගමය සහ ඉන්දියාව මානව හිමිකම් ආරක්ෂා කිරීමට කැපවන බවට ප්‍රතිඥාවක්ද ලබාදී ඇති බවට වාර්තාවේ.


සාකච්ඡා සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය රජය සඳහන් කර සිටියේ, ‟ඉන්දියාව සහ යුරොපා සංගමව විසින් එකිනොකාගේ අදහස් හුවමාරු කරගත්තා. එහිදී දෙපාර්ශවයම සිවිල් අයතිවාසිකම්, දේශාපාලක අයිතාවාසිකකම්, සමාජයේ කුඩා කණ්ඩයාම්, අවධානමට ලක්වූවන්, සම්බන්ධයෙන්ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ඒ වගේම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, කැමති ආගමක් ඇදහීමේ නිදහස වැනි කාරණා ශක්තිමත් කිරීම සම්බන්ධයනේද අවදානය යොමු වුනා.” යනුවෙනි.

ඉන්දීය රජය සඳහන් කළ අකාරයට ළමා අයිතීන් තහවුරු කිරීමට විශේෂයෙන් අවාදනය යොමු වූ බවත් ඒ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් දෙපාර්ශවයම සාකච්ඡා කර තිබේ.

මෙහිදී යුරොපා සංගමය විසින් ඉන්දීය නීතිය අනුව පුද්ගලයෙකුට ලබාදෙන උපරිම දඬුවම වන මරණීය දණ්ඩනයට සිය සෘජු විරෝධය පළ කළ බවද වාර්තවේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීට අමතරව මාධ්‍ය නිදහස තහවුරු කිරීමටත් මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමටත් පියවරගත යතුතු බවත් ඊට අදාල වැඩසහන් ක්‍රියාත්මක කළයුතු බවද මෙහිදී සාකච්ඡාවට බඳුන් වී ඇත.

Exit mobile version