ඉන්දියාව සමග තබන පියවර අටක් ගැන මොරගොඩ හෙළි කරයි

මේවන විට ශ්‍රීලංකාව මුහුණ දී සිටින දැඩි ආර්ථික අර්බුදයට සාර්ථකව මුහුණ දීමට මූලික අංශ අටක් යටතේ ඉන්දියාව සමඟ කටයුතු කිරීමට පියවරගෙන ඇති බව ශ්‍රීලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා අනාවරණය කර ඇත.

ඉන්දියාවේ ඉකොනොමික්ස් ටයිමස් පුවත්පතට පසුගියදා විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මොරගොඩ මහතා මේ බව ප්‍රකාශ තිබේ.

ඒ අනුව ආණ්ඩුව විසින් බලශක්ති, පිරිපහදු, විදුලි බල ජාල, වරාය, සංචාරක කර්මාන්තය, තොරතුරු තාක්ෂණය සහ දේපල වෙළඳාම යන ක්ෂේත්‍ර පදනම් කරගෙන ඉන්දියාව සමඟ කටයුතු කිරීමට බලාපොරෙත්තු වන බවද මහ කොමසාරිස්වරයා පෙන්වා දී ඇත.


“ඉන්දියාව කලාපයේ විශාලතම ආර්ථිකය වන අතර ශ්‍රී ලංකාවත් දිනෙන් දින වර්ධනය වන ඉන්දීය ආර්ථිකයෙන් යම් යම් ප්‍රතිලාභ ලබා ගැනීමට අපේකෂා කරනවා. ඉන්දියානු ආයෝජකයින් සඳහා ශ්‍රී ලංකාව හොඳ උල්පතක් විය හැකිය. ඒ අනුව අපගේ අදහස වන්නේ දෙරටටම වාසිදායක වෙන ආකාරය දෙරටෙ ආර්ථික එකිනෙකට සම්බන්ධ කිරීමයි.”
ඒ අනුව ත්‍රිකුණාමලය තෙල් ටැංකි පද්ධතිය අදාල ව්‍යාපෘතිය මෙම ඉදිරි වැඩපිලිවෙලේ ආරම්භය බවත් එමගින් ඉන්දීය බලශක්ති ක්ෂේත්‍රය සමඟ සම්බන්ධ වීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිවනු ඇති බවද මොරගොඩ මහතා පෙන්වා දී තිබේ.

මේවන වන විටත් ශ්‍රී ලංකාවට තවත් තෙල් පිරිපහදුවක අවශ්‍යතාවක් දැඩිව නිර්මාණය වී ඇති අතර ඊට ඉන්දියාවේ මැදිහත්වීම වැදගත් වන බවද මහකොමසාරිස්වරයා සිහිපත්කර ඇත.
මේ අතර දෙරට අතර විදුලි රැහන් පද්ධතියක් ඉදිකිරීමක් සම්බන්ධයෙන්ද මහ කොමසාරිස්වරයා අදහස් පළකර ඇති අතර එමගින් ශ්‍රී ලංකාවට මෙන්ම ඉන්දියාවේ අනෙකුත් අස්වැසි රාජ්‍යන්ටද ප්‍රතිලාභ අත්විය හැකි බවද ඔහු ප්‍රකාශකර තිබේ.

මෙරට සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ අදහස් දකවමින් මොරගොඩ මහතා ප්‍රකාශ ඇත්තේ කොරෝනා වසංගතය පැවති සමයේදී ඉන්දීය සංචාරකයින් මෙරට සංචාරක කර්මාන්තයට විශාල ශක්තියක් වූ බවයි.
එමෙන්ම ඉන්දියාවේ ප්‍රබල හෝටල් ජාලයක් වන අයි සී ටී හෝටල් ජාලය කොළඹ ඉදිකිරීමට නියමිත අති සුඛෝපභෝගී හෝටලය සම්බන්ධයෙන් ඔහු සිහිපත් කර ඇති අතර ශ්‍රී ලංකාව ඉන්දියාවේ ඕනෑම මට්ටමක සංචාරකයින් සාදරයෙන් පිළිගන්නා බවද ප්‍රකාශ කර ඇත.

මහ කොමසාරිස්වරයා සිය සම්මුඛ සාකච්ඡාවේදී තොරතුර තාක්ෂණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන්ද අදහස් දක්වා ඇති අතර දෙරට අතර ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සම්බන්ධතා වර්ධනය කරගැනීමටත් අපෙක්ෂා කරන බවට සඳහන් කර තිබේ.

මේ අතර ඉකොනොමික්ස් ටයිමස් පුවත්පත් විසින් තමන්ට දැකගැනීමට අවස්ථාව හිමිවූ ලිපි ගොනුවකට අනුව ශ්‍රී ලංකාව තුල මේවන විට මහා පරිමානයෙන් සිදු කෙරෙන සංවර්ධන ක්‍රියාවන්ටත් අයෝජන වලට ඉන්දියාවට වැඩි අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා ඇති බවත් එහිදී ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට කෙරෙන අපනයන වැඩි කිරීම සම්බන්ධනේ සහ ඉන්දියාව තුල ශ්‍රී ලංකා වෙළෙඳ පොළ වර්ධනය කිරීම සහ ඇඟළුම් ක්ෂේත්‍රයට අදාල හවුල්කාරිත්ව වර්ධනය අවදානය යොමුව ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම පුවත්පත පෙන්වා දෙන අකාරයට අදාල ලිපි ගොනුවට අනුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඉන්දියන් සාගරයේ ආරක්ෂාව වර්ධනයට ද්වීපාර්ශවීය හමුදා පුහුණවීම් සහ හමුදාමය හුවමාරුකරගැනීම් කරගැනීමට අදාලවලද කරුණු ඇතුලත්ව තිබේ.

Exit mobile version