ඉන්දියාව- ශ්‍රී ලංකාව- මාලදිවයින අතර විශේෂ නාවික අභ්‍යාසයක්

ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර විශේෂ ත්‍රෛපාර්ශවික නාවික අභ්‍යාසයක් පසුගියදා (27-28) දෙදින මුහුදේදී පැවති බව මෙරට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය පවසයි.

කොළඹ ආරක්ෂක පර්ෂදයේ මූලිකත්වය යටතේ පැවැත්වෙන මෙම අභ්‍යාසය සමුද්‍රීය ආරක්ෂාව වෙනුවන් සාමූහික ප්‍රයත්නයන් ඉහළ නැංවීම සඳහා වන පුරෝගාමී කටයුත්තක් බව එම කාර්යාලය පැවසීය.

කොළඹ ආරක්ෂක පර්ෂදයේ මෙම සුවිශේෂී අභ්‍යාසයන් හරහා සම්මත මෙහෙයුම් ක්‍රමවේද අනුකූලනය කිරීමට සහ රටවල් තුනෙහි නාවික හමුදාවන් අතර සහයෝගීතාවය ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ. INS සුභද්‍රා ගැඹුරු මුහුද මුර සංචාර යාත්‍රාව සහ P81 දිගු පරාස සාගර මුර සංචාර ගුවන් යානය විසින් ඉන්දීය නාවික හමුදාව නියෝජනය කරන අතර SLNS සමුදුර නෞකාව මගින් ශ්‍රී ලංකා නාවික හමුදාව ද MNDFසමුද්‍රීය පූර්වේක්ෂණ ඩෝනියර් ගුවන් යානය විසින් මාලදිවයින් ජාතික ආරක්ෂක බලකායන් ද නියෝජනය කරයි.


දෙදිනක් පුරා පැවැත්වෙන මෙම අභ්‍යාසය මත්ද්‍රව්‍ය ජාවාරම මැඬ පැවැත්වීම, මුහුදේ සෙවීම් සහ මුදාගැනීම් කටයුතු සිදු කිරීම, ගුවන් ට්‍රැක් කිරීම් සහ ඵලදායි සන්නිවේදනයක් ස්ථාපිත කිරීම යනාදිය වෙනුවෙන් අදාළ විශේෂිත ආර්ථික කලාපයන්හි සමුද්‍රීය අවේක්ෂණ කටයුතු සඳහා වේදිකාවන් සම්බන්ධීකරණය කරනු ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුගිය වසරේ නොවැම්බර් මාසයේ පවත්වන ලද ත්‍රෛපාර්ශවික සිව්වන ආරක්ෂක උපදේශක හමුවේදී කොළඹ ආරක්ෂක පර්ෂදයස්ථාපනය කරන ලද අතර 2021 මාර්තු මාසයේ දී කොළඹ දී එම ලේකම් කාර්යාලය පිහිටුවන ලදී. එසේම, 2021 අගෝස්තු මාසයේදී පවත්වන ලද කොළඹ ආරක්ෂක පර්ෂදයේ නියෝජ්‍ය ආරක්ෂක උපදේශක හමුවේ දී කලාපයේ පොදු ආරක්ෂක අභියෝගයන්ට මුහුණ දීම සඳහා ඉහළ සහයෝගීතාවයක් සහ අවබෝධයක් ළඟා කරගැනීම උදෙසා ප්‍රායෝගික පියවර සකස් කරන ලදී.

Exit mobile version