ඉන්දියාව යුක්‍රේන අර්බුදය ගැන සිය මතය කියයි

Subrahmanyam Jaishankar

ඉන්දියාව විසින් රුසියානු යුක්‍රේන යුද ගැටුම පිළිබඳව දරනු ලබන මතය සමඟ යුරෝපා සංගමය ඇතුළු බටහිර රාජ්‍යන්ට අකමැත්තෙන් වුවද කටයුතු කිරීමට සිදුවනු ඇති බවට ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයසංකර් පවසයි.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා මේබව ප්‍රකාශ කර සිටියේ පසුගියදා ටයිමස් නව් මාධ්‍ය ජාලය විසින් සංවිධානය කර තිබූ විශේෂ හමුවකට එක්වී අවස්ථාවේදීය.

එහිදී අමාත්‍යවරයා පෙන්වාදෙනු ලැබුවේ ඉන්දියාව තම ජනතාවට වඩාත් යහපත් ප්‍රතිඵලයක් ගෙන එන් තීරණ ගනු ලබන බවත් තම ජනතාවේ සුබසිද්ධිය කෙරෙහි ප්‍රමුඛත්වය ලබාදීමට කටයුතු කරනු බවයි. එහිදී තමන් ගන්නා ඇතැම් තීරණ වෙනත් පර්ශවයන්ගේ ප්‍රියතම ක්‍රියාමාර්ගය නොවීමට ඉඩ පැවතිය හැකි බවද හෙතෙම පෙන්වා දුන්නේය.


‟අපිට පාකිස්ථානය ඇෆ්ගනිස්ථානය සම්බන්ධයනේ ගැටලු පැන නගින විට යුරෝපා රටවල් ඇතුළු බටහිර රටවල් අපිට හිතවත් නොවන ආකාරයේ මතයකයි සිටියේ. එ් ආකාරයෙන්ම අපි යුක්‍රේන රුසියා අර්බුදයේදී අපිටම අවේනික වූ අපේ මතයකිය් සිටින්නේ” යනුවෙන්ද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.

රුසියානු යුක්‍රේන යුද ගැටුම සම්බන්ධයේ ඉන්දියාව සිය මතය ජාත්‍යන්තරය ඉදිරියේ පැහැදිලිවම ප්‍රකාශයට පත්කර ඇති බවත් එහිදී දෙරට විසින් සාකච්ඡා මර්ගයෙන් මෙම අර්බුදය විසඳා ගතයුතු බවට ඉන්දියාව අවස්ථා කිහිපයකදීම පැහැදිලවම ගෙන හැර දක්වා ඇති බවද හෙතෙම පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙහිදී ක්වොඩ් සංවිධානය සම්බන්ධයෙන් හා එහිදී කටයුතු කරන විට ඉන්දියාව බටහිර රටවල් සමඟ එකම මතයකට සිටිය යුතු නොවන්නේ දැය විමසා සිටිය අවස්තාවේදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ එහිදී ඉන්දියාව අවශ්‍ය පරිදි ස්වාධීනව කටයුතු කිරීමට අවකාශය පවතින බවත් ඒ අනුව ඉන්දියාව කටයුතු කරන බවත්ය.

Exit mobile version