ඉන්දියාව, ජපානය හා ඔස්ට්‍රේලියාව අතර ත්‍රෛපාර්ශවීක ගිවිසුමක්!

සැපයුම් දාම ඔරොත්තු දීමේ ක්‍රියාවලියකට මුල පුරමින් ඉන්දියාව ජපානය හා ඕස්ටේ්‍රලියාව අතර ත්‍රෛපාර්ශවික ගිවිසුමක් අත්සන් කළ බව ජපානයේ ඉන්දීය තානාපති සංජය කුමාර් වර්මා මහතා සඳහන් කළේය.

ඉන්දු පැසිෆික් කලාපයේ සමෘද්ධිය, සාමය හා ස්ථාවරත්වය දකින විට ඉස්මතු වන ප්‍රධාන ගැටළුව වන්නේ සැපයුම් දාමය නිසා එවැනි ගැටලුවක් ඇති වුවහොත් ඊට මුහුණ දීම සඳහා මෙම ත්‍රෛපාර්ශවික ගිවිසුමට අත්සන් කළ බවත් වර්මා මහතා පැවසීය. ඔහු මෙලෙස සඳහන් කළේ කොවිඩ් කාලයේදී සැපයුම් ක්‍රියාවලියන්ගේ ගැටලු මතු වූවා නේදැයි මාධ්‍යවේදියෙකු විමසූ පැනයකට පිළිතුරු දෙමිනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


භූගෝලීය වෙනස්වීම් සමඟ උපිට තියෙන මූලාශ්‍රයන් වෙනස්. අපි දැක්කා කොවිඩ් කාලයේදී මාස්ක් වගේ ඒ කාලේට අවශ්‍ය උපාංග සපයා ගැනීමේ අපහසුව.. ඒ වගේම තමයි ගැටළු කාලවලදී සිදුවෙන ආයතන කඩාවැටීම් දැක්කා.. මුළු ලෝකයම කොවිඩ් කාලේදී අපහසුතාවයන්ට මුහුණ දුන්නා. අපට විශ්වාසවන්ත හා විශ්වාසවන්ත මූලාශ්‍රයක් විශ්වාසන්ත සැපයුම් ජාලයක් නැත්නම් රසවත් ජීවිතයක් ගෙවීම අපහසුයි.. මාධ්‍ය ඇමතූ වර්මා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version