ඉන්දියාවේ භූ කම්පන අනතුරු ඇඟවීම සුලුවට ගන්න එපා… අදින් ඇරඹෙන සතිය තුළ දැඩි අවධානයෙන් ඉන්න… මහාචාර්ය අතුල සේනාරත්න

ඉදිරි සතිය තුළ භූ කම්පන තත්ත්වයන් උත්සන්න විය හැකි බවට  ඉන්දියාවේ ජාතික භූ භෞතික විද්‍යා පර්යේෂණ ආයතනය මගින් සිදුකරන පුරෝකථනය  පිළිබඳව ශ්‍රී ලංකාවත්  දැඩි  අවධානයක් යොමුකළ යුතු බව  පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා හා භූ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ මහාචාර්ය අතුල සේනාරත්න  අවධාරණය කරයි.

Athula-Senarathna
මහාචාර්ය අතුල සේනාරත්න

අද ( 02) සිට එළඹෙන ඉදිරි සතිය තුළ සියල්ලන්ම අවධානයකින් සහ භූ කම්පන අනතුරක් ඇතිවීමේ සම්භාවිතාවක් තිබේය යන අවබෝධයකින් ගත කරන්නැයි මහාචාර්ය අතුල සේනාරත්න රට වැසියන්ගෙන් ඉල්ලා සිටී.

ලෝකයේ පවතින ඉහළම නවීණ තාක්ෂණය සහිත, අන්තර්ජාතිකව පිළිගත් මෙම ආයතනය ඉන්දියාවේ භූ තල මායිම් සම්බන්ධව පුලුල් පර්යේෂණයක නිරතවන විශිෂ්ට විද්‍යාත්මක පරිචයක් සහිත ආයතනයක් බව මහාචාර්යවරයා කියයි.

පසුගිය දා තුර්කි සිරියා මායිමේ සිදුවූ භූ කම්පනයත් සමග සිය පර්යේෂණ වඩාත් අවධාරණයකින් යුතුව පවත්වාගෙන යන  ඉන්දියාවේ ජාතික භූ භෞතික විද්‍යා පර්යේෂණ ආයතනයට දියුණු නවීණ තාක්ෂණික ක්‍රමවේද භාවිතා  කරමින් භූ කම්පනයක් ඇතිවීමට පෙර අනතුරු ඇඟවීමේ  නිකුත් කිරීමේ හැකියාවක් ඇති බවද මහාචාර්යවරයා පවසයි.


ලංකාසරට අදහස් දක්වමින් ඔහු මෙසේ ද පැවසුවේය.

“ඉන්දියාවේ ජාතික භූ භෞතික විද්‍යා පර්යේෂණ ආයතනය ඉන්දියාවේ භූ තල මායිම්වල සිදුවිය හැකි භූ කම්පන පිළිබඳව   දැඩි අවධානයකින් පසුවෙනවා. ඔවුන් ජාත්‍යාන්තරව පිළිගත් ඉතාම දියුණු තාක්ෂණයක් සහිත ආයතනයක්.”

“එහෙයින් ඔවුන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවාසී අප ද අවධානය යොමු කළ යුතුයි. අද සිට ඉදිරි සතිය ඇතුළත විවිධ භූ කම්පන තත්ත්වයන් ඇතිවීමේ ඉඩකඩක් ඇති බව අවබෝධ කරගනිමින් ඒ පිළිබඳ සැලකිලිමත් වීමට ශ්‍රී ලාංකිකයින් ලෙස අප  කටයුතු කළ යුතුයි. එක දෙයක් අවධාරණය කරන්න අවශ්‍යයයි. විද්‍යාත්මක පර්යේෂක්යන්  ලෙස මට මේ කම්පන ඇතිවන වෙලාවන් නිශ්චිතව  කියන්න බෑ. “

“ මෙතෙක් ලංකාවේ භූ කම්පන සිදුවූ   භූ විෂමතා කලාප ලෙස හඳුනාගෙන තිබෙන   මධ්‍යම කඳුකර ශ්‍රේණිය,  විජයානු සංකීර්ණය ලෙස හඳුන්වන ත්‍රීකුණාමලයේ සිට උස්සන්ගොඩ දක්වා කොටස, මධ්‍යම කඳුකරයෙන් දකුණටවන ප්‍රදේශ ආශ්‍රිතව ඇති පැරණි ගොඩනැගිලිවල වාසය කරන පුද්ගලයින්   දැඩි අවධානයක් යොමු කළ යුතුයි. “

“ අලුතින් සක්‍රීය වී ඇති භූ තලත් සමග    වෙනත් ප්‍රදේශවලත් භූ කම්පන සිදුවේද යන්න සැක සහිත තත්ත්වයක්. මේ පසුබිමේ  සියල්ලන්ම අවධානයෙන් ඉන්න කියන පණිවිඩය දෙනවා.”

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහාචාර්ය අතුල සේනාරත්න පැවසුවේය.

 

Exit mobile version