ඉන්දියාවේ බීජේපීය මෙරට ගේන්න බරටම වැඩ කරන ලංකාවේ තුන්දෙනා මෙන්න

ඉන්දියාවේ පාලන බලය සහිත භාරතීය ජනතා පක්ෂයේ සම්බන්ධයක් සහිත දේශපාලන පක්ෂයක් මෙරට බිහි කිරීම සඳහා එම පක්ෂය සමඟ සමීප සබඳතාවක් ඇති දමිළ පුද්ගලයන් තිදෙනකු මේ වනවිට කටයුතු කරගෙන යන බව ප්‍රකට දමිළ දේශපාලන විශ්ලේෂයකු වන ඩී.බී.එස් ජයරාජ් මහතා සඳහන් කරයි.

ඉලංකෙයි භාරතීය ජනතා කච්චි (ශ්‍රී ලංකා භාරතීය ජනතා පක්ෂය) ලෙසින් නම් කිරිමට යෝජනා වි ඇති මෙම දේශපාලන පක්ෂය ළඟදීම ශ්‍රි ලංකාවේ පිහිටුවිමට අවශ්‍ය කටයුතු කරන බවට ශ්‍රි ලාංකික හින්දු සමාජ ක්‍රියාකාරිකයකු වන කනපතිපිල්ලේ හෙවත් මරවන්පුලාවු සචිත්තානන්දන් ඉන්දීය වෙබ් අඩවියකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් පවසා ඇති බව ජෙයරාජ් මහතා ඩේලිමිරර් පුවත් පතට සතිපතා ලියන තිරු ලිපියෙන් අනාවරණය කර ඇත.

තමන්ට පවතින උතුර් දේශපාලන ආරංචි මාර්ග අනුව ඔහු පවසන්නේමේ සඳහා සචිත්තානන්දන් මහතා සමඟ තවත් පුද්ගලයන් දෙදෙනකු සම්බන්ධ වි සිටින බවය. එක් පුද්ගලයකු වන්නේ මුතුස්වාමි නැමැති කොළඹ ව්‍යාපාරිකයෙකි. අනෙක් පුද්ගලයා වන්නේ යාපනයේ හින්දු සංවිධානයක් වන “Inthu Samayap Peravai (ඉන්තු සමායප් පෙරවායි ) සංවිධානයේ නිර්මාතෘ ශක්තික්‍රීවන් නැමැත්තාය. එයින් දේශපාලන වශයෙන් දැඩි විභවයක් සහිත චරිතය ලෙස හුවා දක්වා ඇත්තේ සචිත්තානන්දන්ය.


ඔහු ඉන්දියාවේ ශක්තිමත් දේශපාලනික සහ ආගමික ව්‍යාපාරයක් වන ශිව සේනා සංවිධානය ශ්‍රි ලංකාවට ගෙන ඒමට කටයුතු කළ පුද්ගලයා වන අතර යාපනයේ පිළිගත් චරිතයක් ලෙසින් සැලකෙයි. යාපනයේ තෙන්නමාරච්චි ප්‍රදේශයේ වැසියකු වන සචිත්තානන්දන් දැඩි හින්දු ආගම්වාදියකු වන අතර ඔහු හින්දු ආගමේ ම කොටසක් වන ශිව දහම සම්බන්ධයෙන් අන්තවාදී මතයක් දරන්නකු බව සඳහන් වේ.

පසුගිය මහ මැතිවරණයේදීද ඔහු මෙම ආගම්වාදී මුහුණුවරකින් හින්දු ඡන්ද දායකයන් ඉලක්ක කරගෙන වන්නි දිස්ත්‍රික්කයේ තරග වැදී ඇති අතර එහිදී ඔහු පරාජයට පත්ව ඇත.

ඔහු දමිල භාෂාවෙන් පළවන “වන් ඉන්දියා“ නම් වෙබ් අඩවියකට පවසා ඇත්තේ ශ්‍රි ලංකාවේ භාරතීය ජනතා පක්ෂයේ සම්බන්ධතාවක් සහිත පක්ෂයක් පිහිටුවන බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ බව තහවුරු කරමින් ජෙයරාජ් මහතාට කරුණු හෙළි කර ඇති භාරතීය ජනතා පක්ෂයේ ක්‍රියාකාරකම් පිළිබඳව හසළ අවබෝධයක් ඇති ප්‍රධාන පෙළේ ඉන්දීය මාධ්‍යවේදියකු පවසා ඇත්තේ භාරතීය ජනතා පක්ෂයට තම හින්දුත්ව දේශපාලන දර්ශනය වෙනත් රටවල් කෙරෙහි ව්‍යාප්ත කිරීමේ දැක්මක් පවතින බවය. ඒ සඳහා ඔවුන් යම් යම් සැලසුම් සකස් කරමින් සිටින බවත් ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් සැලකීමේදී මෙරට දැඩි හින්දු භක්තික දේශපාලකයන් සහ යුරෝපාකරයේ සිටින දෙමළ ඩයස්පෝරාවත් භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකයනුත් අතර මේ වනවිට ඊට අදාළ විවිධ අන්තර්ක්‍රියාකාරකම් සිදුවෙමින් පවතින බවය.

Exit mobile version