ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්ත සෞඛ්‍ය ඇමතිට පොලිස් නිලධාරියෙක් වෙඩි තබයි… අසාධ්‍යව රෝහලේ…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍ය නබා කිසෝර් දාස් අද (29) දහවල් පොලිස් නිලධාරියෙකුගේ වෙඩි පහරට ලක් වී බරපතල තුවාල සහිතව රෝහල් ගත කර තිබේ.

ඔඩීෂා හි ජර්සුගුඩා දිස්ත්‍රික්කයේ බ්‍රජරාජ්නගර් අසල වැඩසටහනකට සහභාගී විමට යමින් සිටිය දී සහකාර උප පොලිස් පරීක්ෂකවරයෙකු විසින් ඔහුට වෙඩි තබා ඇති බවත් වෙඩි ප්‍රහාර පපුවට එල්ල වී ඇති බවත් විදේශ මාධ්‍ය වාර්තා කරේය.

එහිදී පොලිස් නිලධාරියා වට දෙකක් වෙඩි තබා ඇති අතර අමාත්‍යවරයා බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇත.
“සහකාර උප පොලිස් පරීක්ෂක ගෝපාල් දාස් ඇමතිවරයාට වෙඩි තැබුවා. ඇමතිවරයා තුවාල ලබා රෝහල් ගත කළා,” බ්‍රජ්‍රාජ්නගර් උප කොට්ඨාස පොලිස් නිලධාරි ගුප්තේස්වර් භෝයි මාධ්‍යයට පවසා තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇසින් දුටුවන් පවසන්නේ ඇමතිවරයා සිය වාහනයෙන් බැස යන විට ඔහුට වෙඩි තැබූ බවය. ප්‍රහාරය පිටුපස ඇති අරමුණු තවමත් අපැහැදිලි බව ඉන්දීය මාධ්‍යය වාර්තා කරයි…


Exit mobile version