ඉන්දියාවේ ඉතිහාසය වෙනස් කරමින් ජනපති පදවියට පත් “දූවිලි මිනිසුන්ගේ“ රැජන – මහාචාර්ය දෞපදී

එෂාමා කාරියකරවන –

ලෝකයේ කොහේ හරි තැනක කාන්තාවකට නිසි ගෞරවයක්, තනතුරක් ලැබ දේ නම් එය කෙතරම් ආස්වාදයක් කාන්තාවන්ට ඇති කරන්නේද යන්න දන්නේ කාන්තාවන්ම පමණි.

ද්‍රෞපදී මුර්මු අපට හුරුපුරුදු නමක් නොවේ. එහෙත් ඉන්දියාවට , ආසියානු දේශපාලනයට ඇය ඉතාම හුරුපුරුදු නමකි.

භාරතීය ජනතා පක්ෂයෙන් දේශපාලනය අරඹන ද්‍රෞපදී මේ වන විට 64 වන වියේ පසුවෙයි. ඇය ඉන්දියාවේ ඔඩිස්සා ප්‍රාන්තයේ ගෝත්‍රික ප්‍රජාව නියෝජය කරමින් දේශපාලනමය වශයෙන් විවිධ තානාන්තර රැසක් හොබවා පැමිණි ගමනේ කූඨාප්‍රාප්තිය ඉන්දියාවේ ජනාධිපති ධූරයට පත්වීමයි.

ඉන්දියාවේ ජනාධිපති ධූරයට පත් දෙවන කාන්තාව ඇයයි. පළමු වැන්නී ප්‍රතිභා පටේල්ය.


ඒසේම ගෝත්‍රික ප්‍රජාව නියෝජනය කරන දේශපාලකයන්ගෙන් ප්‍රථම කාන්තාව සහ නිදහසින් පසු ඉන්දියාවේ ඉපදී ජනාධිපති ධුරයට පත්වූවන් අතරින් ප්‍රථම කාන්තාවද වන්නේ ඇයයි.

බැංකු කරුවෙකු වූ ඇගේ සැමියා 2014 වසරේ මියගියේය. ඇය දරුවන් තිදෙනෙකුගේ මවකි.
වෘත්තියෙන් සහය මහාචාර්යවරියක ලෙස කටයුතු කර ඇත.

දෞපදී සිය දියණිය සහ මිනිබිරිය සමග…

ඇය ජනාධිපති බවට පත්වනුයේ විපක්ෂයේ අපේක්ෂක යෂ්වන්ත් සිංහා පරාජය කරමිනි.
ඡන්ද ගණන් කිරීම ජූලි 21 දින පැවැත්විණි. ඇය ඉන්දියාවේ ඉහළම තනතුරක් දැරූ දෙවැනි කාන්තාව ද වේ.

ගෝත්‍රික ජනතාවක් නියෝජනය කරමින් පුරුෂාධිපත්‍ය බලවත් , කුල බෙදීම් දැඩිව ඇති ඉන්දියාව වැනි සුවිශාල රාජ්‍යක පළමු පුරවැසියා වන්නට ඇය ආ මාර්ගය රෝසමල් ඇතිරූ හෝ විල්ලූද පළස් ඇතිරූ එකක් නම් කිසිසේත් නොවන්නට ඇති.

එහෙත් , ගෞරවයක් ලබන්නට හැකි ගෞරවනීය නායිකාවක් ලෙස මනා කැපවීමෙන් හා ඉවසීමෙන් පැමිණි ගමනක , ගමනාන්තය රාෂ්ට්‍රපති භවන්හි ඉදිරි වර්ෂ පහ සඳහා තෝරාගත් ගෞරවනීය නේවාසිකයා ලෙසින් ජයග්‍රාහි ලෙස අවසන් කළ ආකාරය ඉන්දීය ඉතිහාස කතාවේ සුවිශේෂී පුරවෘත්තයක් වනු ඇත.

කිසි කලෙක ඔබේ අක්මුල් සිඳ නොගන්න. එය රැකගන්න. ඒ වෙනුවෙන් ඔබේ යුතුකම් වගකීම් ඉටු කරන්න. ඒ වෙනුවෙන් පෙනී සිටින්න. පෙනී සිටීමට ලැජ්ජා නොවන්න. අවසානයේ ඔබ රැකගත් ඔබේකම ඔබව ඔසවා තබන තැන ඔබ සිතනවාට වඩා බෙහෙවින්ම උසස්ය. ශ්‍රේෂ්ඨය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


චිරං ජයතු
ද්‍රෞපදී මුර්මු මැතිනියනි!!!

Exit mobile version