ඉන්දියාවට පලා යන්න ගිය තවත් 12ක් නාවික හමුදා අත් අඩංගුවට…

දිනසේන රතුගමගේ –

මන්නාරමේ පේසාලේ සිට ඉන්දියාවට බෝට්ටුවක ආධාරයෙන් පලා යමින් සිටි පුද්ගලයින් 12 දෙනෙකු නාවික හමුදාව විසින් මුහුදේදී අත් අඩංගුවට ගෙන ඊයේ ( 7 ) ගොඩ බිමට රැගෙන විත් තිබේ.

පේසාලේ සිට ඉන්දියාවේ තමිල්නාඩුව වෙත ගමන් කිරීම සඳහා යොදා ගත් බෝට්ට්ටුවද නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර මේ පිරිස එම බෝට්ටුවෙන් තමිල්නාඩුව වෙත ගොස් බෝට්ටුව අතහැර දමා ඉන්දියාව්ට සරණාගතයින් ලෙස ඇතුලුවීමට සැලසුම්කොට ඇති බවට තොරතුරු හෙළි වී තිබේ.

මන්නාරම පේසාලේ හා මඩු යන පළාත්වල පවුල් තුනකට අයත් මේ 12 දෙනාගෙන් සමන්විත පිරිස ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා  තලෙයිමන්නාරම  පොලීසිය වෙත බාර දී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පලා යන්න හැදූ බෝට්ටුව

Exit mobile version