ඉන්දියන් සාම හමුදාව එකම දිනයක දී මරා දැමූ සිවිල් වැසියන් 55ට තවම වන්දි නෑ…

දිනසේන රතුගමගේ –

ඉන්දීය සාම සාධක හමුදාව යාපනයේ රැදී සිටි කාල වකවානුවේදී ඔවුන් අතින් එකම දිනයකදී ඝාතනයට ලක් වූ දෙමළ වැසියන් 55 දෙනෙකු මියගොස් වසර 35 ක් පිරීම නිමිත්තෙන් යාපනයේ නල්ලූර් පිරම්පාඩි ප්‍රදේශයේ පිහිටි ස්මාරකයට මියගිය අයගේ ඥාතීහු  මල් පහන් පූජා කළහ.

ඔවුන් මරා දමා 35 වසර ඊයේ සැමරිනි.

යාපනයේ කොකුවිල් ප්‍රදේශයේ මෙම  55 දෙනාම  මරා දමන ලද්දේ 1987 ඔක්තෝබර් මස 12 වෙනිදාය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මියගිය ඒ පිරිස වෙනුවෙන් මේ දක්වාම කිසිම වන්දි මුදලක් නොලැබුණු බවද එම ඥාතීහු මේ අවස්ථාවේදී සිහිපත් කළහ.

Exit mobile version