ඉන්දියන් ධීවරයන් පැමිණීම වැලැක්වීමට රජය සමග කතා කර වැඩ පිළිවෙළක් හදන්න…

ටී.එන්.ඒ. මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද ගෙන් ඉල්ලයි...

දිනසේන රතුගමගේ –

ඉන්දීය ධීවරයින් උතුරු පළාතට පැමිණීම නිසා කොරෝනා  අධි අවදානමක් ඇති වීම නිසා ඔවුන්ගේ ආගමනය වහාම නවතාලන ලෙසත්  කොරෝනා වසංගතය හේතුවෙන් ධීවර රැකියාව අහිමි වී සිටින උතුරේ ධීවරයින්ට රජය සමග සාකච්ඡා කොට වහාම  පිලියම් සපයන ලෙසත් දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන්   ධීවර අමාත්‍ය ඩග්ලස් දේවාන්නද   හමුවී  ඉල්ලා ඇත.  

අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයා කොළඹදී ඩග්ලස් දේවානන්දා  හමුවී මෙම ඉල්ලීම කොට ඇති අතර ඊට අමතරව උතුරේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න රැසක් පිළිබදවද අමාත්‍යවරයා සමග සාකච්ඡා කොට තිබේ.

ඉන්දියාවේ සිට උතුරු පළාතට ඉන්දීය ධීවරයින්ගේ පැමිණීම ශ්‍රී ලංකා නාවික හමුදාවට පමණක් නතර කළ නොහැකි නිසා  වහාම ශ්‍රී ලංකා රජය ඉන්දීය රජය සමග මානුෂීය මුහුණුවරකින් මේ ප්‍රශ්නය පිළිබදව සාකච්ඡා කොට තීරණයක් ගත යුතු බවද අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයා ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයාට පෙන්වා දී තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධයෙන් රජයේ අමාත්‍යවරයෙකු වශයෙන් රජයට කරුණු පැහැදිලි කොට ජනතාවට සහනයක් හා කොරෝනා අවදානමකින් තොරව ජීවත් වීමට පරිසරය සකස් කොට දෙන ලෙසද මන්ත්‍රීවරයා අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත.

Exit mobile version