ඉදිරි මාස 6 ඇතුළත ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යූහගත කරයි!

ඉදිරි මාස හය ඇතුළත ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීමට අපේක්ෂා කරන බවත් සේවකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන කොන්දේසි යටතේ එය හඳුනාගත් ආයෝජකයා වෙත මාරු කරනු කරන බවත් කඩිනම් ප්‍රතිව්‍යුහගත ක්‍රියාමාර්ග ක්‍රියාත්මක නොකළහොත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සේවකයන් 6,000 කට පමණ රැකියා අහිමි විය හැකි බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඊයේ (30) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා තිබේ.

ඔහු එහිදී කියා සිටියේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට සිදුවී ඇති මූල්‍ය පාඩුව රජයට දරාගත නොහැකි බවත් තවදුරටත් බදුගෙවන්නන්ගේ මුදල් මෙලෙස භාවිත කිරීම අසාධාරණ බවත්ය.

“වසර ගණනාවකට පෙර අපගේ ජාතික ගුවන් සේවය ලෙස ස්ථාපිත වූ ශ්‍රීලංකන් ගුවන් සේවයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. එමිරේට්ස් ගුවන් සේවයේ පාලනය යටතේ පැවති කාලසීමාව තුළ රුපියල් මිලියන 30 ක ලාභයක් ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා. ගුවන් සේවයට මූලික වශයෙන් අරමුදල් සපයනු ලබන්නේ කිසිදා ගුවන් ගමන් අත්දැකීමක් නොමැති සාමාන්‍ය පුරවැසියන්ගේ බදු මගින්. අපේම ජාතික ගුවන් සේවයක් තිබීම ගැන අපි ආඩම්බර වෙන නමුත් එය නඩත්තු කිරීම හා සම්බන්ධ පිරිවැය යුක්ති සහගත දැයි අපි ප්‍රශ්න කළ යුතුයි, ”අමාත්‍යවරයා පැවසීය.

“දැනට ශ්‍රීලංකන් ගුවන් සමාගම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2ක ණයක් දරන අතර .දේශීය රාජ්‍ය බැංකු ඇතුළු විවිධ සංවිධානවලට ජාත්‍යන්තර බැඳුම්කර සහ කල්බදු ගුවන් යානා සඳහා හිඟ ගෙවීම් පියවීමට සිදුවී තිබෙන බවත් නොගෙවූ ඉන්ධන බිල්පත් ද තිබෙන බවත් මෙතරම් විශාල ණයක් යටතේ ගුවන් සේවයක් පවත්වාගෙන යාම දරාගත නොහැකි බවත් අමාත්‍යවරයා පවසා ඇත. විදේශ විනිමය දුෂ්කරතා ඇතුළු ආර්ථික අභියෝග හේතුවෙන් රජයට පසුගිය කාලයේ දී මෙන් පාඩු සඳහා මුල්‍ය ආධාර සැපයීමට නොහැකි වී ඇතැයිද මෙම ප්‍රවේශය තවදුරටත් සාධාරණ නොවන අතර එය ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීමට තීරණය කිරීමට හේතු වී ඇතැයිද තවදුරටත් කියා තිබේ.


ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම මගින් රජයට 51% ක කොටසක් රඳවා තබා ගත යුතු අතර ඉතිරි 49% වෙනත් ආයෝජකයෙකුට පිරිනැමීමට නියමිතය.

“ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළේ මීට මාස හයකට පෙරයි. භූමි මෙහෙයුම් සහ ශ්‍රී ලංකන් කේටරින් සමාගම හරහා යම් ලාභයක් උපයා ගත්තත් ගුවන් සමාගමේ පාඩු පියවීමට ඒවා ප්‍රමාණවත් නැහැ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“කොටස් වෙන් වෙන් වශයෙන් විකිණීමේ අවශ්‍යතාවය සහ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ සංදේශය සැලකිල්ලට ගනිමින් මුදල් අමාත්‍යාංශය හරහා ජාත්‍යන්තර මූල්‍ය විශේෂඥයින් වෙත යෝජනා මාලාවක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම ක්‍රියාවලියේ ප්‍රතිලාභ විනිවිදභාවයෙන් උපරිම කිරීමට අපි කැපවෙනවා. යැයිදා අමාත්‍යවරයා කියා සිටියේය.

Exit mobile version