ඉදිරි මාස 06 තුළ කන්කසන්තුරේ සහ ඉන්දියාව අතර බෝට්ටු සේවයක්…

ඉන්දියානු සාගර සංවර්ධන මණ්ඩලය නවදිල්ලි සමාගමක් සමග ගිවිසුමකට අත්සන් කරයි...

දිනසේන රතුගමගේ –

යාපනයේ කන්කසන්තුරේ හා ඉන්දියාවේ පොණ්ඩිචෙරි,කරෙයිකාල් දක්වා මගී බෝට්ටු සේවාවක් ආරම්භ කිරීම සදහා නවදිල්ලියේ ප්‍රවාහන සමාගමක් හා ඉන්දීය සාගර සංවර්ධන මණ්ඩලය අතර ගිවිසුමක් 2 දා නවදිල්ලියේදී අත්සන් කොට තිබේ.

ඉන්දීය සාගර සංවර්ධන මණ්ඩලයේ කලමනාකාර අධ්‍යක්ෂ දිලීප් කුමාර් ගුප්තා සහ ප්‍රවාහන සමාගමේ අධ්‍යක්ෂ නිරන්ජන් නන්දගෝපාල්   විසින් අදාල ගිවිසුමට අත්සන් කොට තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මගී බෝට්ටු සේවාවක් ආරම්භ කිරීම සදහා මීට පෙර රටවල් දෙකේම එකගතාවය පල වී ඇති අතර නවදිල්ලියේදී අත්සන් තැබූ ගිවිසුමට අනුව ඉදිරි මාස හයක කාලය ඇතුළත කන්කසන්තුරේ හා ඉන්දියාවේ කරෙයිකාල්  අතර මගී බෝට්ටු සේවාව ආරම්භ විය යුතුව ඇත.


Exit mobile version