ඉදිරියේ දී කොවිඩ් රෝගීන් නිවෙස්වලම රඳවා ප්‍රතිකාර… රාජ්‍ය ඇමතිනිය කියයි…

ඉදිරියේදී කොවිඩ් ආසාදිතව නිවෙස්වල සිටින පුද්ගලයින්ට නිවෙස් තුළදීම ප්‍රතිකාර ලබාදීමට සිදුවන බවත් ඒ සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ මාලාව මේ වන විට සකස් කරමින් සිටින බවත් වසංගත හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ අද (07) පැවසුවාය.

ඇය මේ බව පැවසුවේ  කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. ඇය මෙ ප්‍රකාශ කරනු ලබන්නේ ලංකාවේ ලොකුම කොවිඩ් රෝහල සීදුවේ දී හෙට (08) රෝගීන් සඳහා විවෘතවන පරිසරයක දී ය.

කෙසේ වෙතත් සෞඛ්‍ය අංශයේ දත්ත ප්‍රකාරව රෝහලක් හෝ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් නොමැතිව රෝගීන් 4500කට වැඩි ප්‍රමාණයක් මේ වනවිට නිවෙස්වල රැඳී සිටිති.


වසංගත රෝග අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරසිංහ අද  පවසා තිබුණේ වාර්තාවන රෝගීන් ප්‍රමාණය සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි තරම් වැඩිවෙමින් ඇති නිසා හැකි තරම් සංචරණය සීමා කරමින් නිවෙස් තුළම රැඳී සිටින ලෙසය.

කෙසේ වෙතත් අද මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් වසංගත හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවේ ඉදිරියේ දී අවශ්‍ය වුවහොත් රට වසා තැබීමට වුවද සිදුවිය හැකි බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රටේ පවතින වසංගත තත්වය අධ්‍යයනය කර තීන්දු තීරණ ගන්නා බවත් එය වසංගත විද්‍යාත්මකව අධ්‍යයනය කර ගන්නා තීන්දුවක් මිසක් දේශපාලනික තීන්දුවක් නොවන බවය.

Exit mobile version