ඉතිහාසයේ පළමු වතාවට කාසල් රෝහලේ මූලික රුධිර පරීක්ෂණත් නවතා දමයි….

මූලික රුධිර පරීක්ෂණයකට අවශ්‍ය ප්‍රතික්‍රියවත් නෑ... යළි රුධිර පරීක්ෂණ ඇරඹී ඇත්තේ පරිත්‍යාගශීලීන් නිසා....

වෛද්‍ය විද්‍යාවේ  මූලිකම රුධිර පරීක්ෂණයක් වන සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් සිදු කිරීමට අදාළ ප්‍රතික්‍රියක නොමති වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කාන්තා රෝහලවන කාසල් වීදිය කාන්තා රෝහලේ එම රුධිර පරීක්ෂාව  කිරීම නැවැත්වීමට සිදුව තිබේ.

පසුගිය 14 වැනිදා සහ 15 වනිදා දිනවල මෙම තත්ත්වයට රෝහල මුහුණ දී ඇත්තේ ඉතිහාසයේ පළමු වතාවට බව රෝහල් ආරංචි පවසයි.

අදාළ ප්‍රතික්‍රියක නොමැති වීම හේතුවෙන් රෝහලේ සම්පූර්ණ රුධිර පරීක්ෂාවන්  රෝහල් වෛද්‍ය රසායනාගාරයේ  සිදු කිරීම තාවකාලිකව අත්හිටුවූ බවට රෝහල් අධ්‍යක්ෂවරයා රෝහලේ සියලුම අංශ වෙත දැනුවත් කර ඇති අතර මෙම තත්ත්වය නිසා අත්‍යවශ්‍ය ශල්‍යකර්ම, සිසේරියන් සැත්කම්, සාමාන්‍ය දරු උපත් මෙන්ම වෙනත් සෞඛ්‍ය  තත්ත්ව මත රොහල් ගතව සිටි රෝගීන් විශාල අපහසුතාවකට පත්වූ බව මෙම ආරංචි මාර්ග සඳහන් කළේ ය.

ප්‍රාථමික මට්ටමේ රෝහලක පවා තිබිය යුතු මෙම රුධිර පරීක්ෂණය දකුනු ආසියාවේම අවධානයට ලක්වූ ප්‍රශස්ත මට්ටමේ කාන්තා රෝහලක් සේ  සැලකෙන කාසල් වීදිය කාන්තා රෝහලක් වැනි ස්ථානයක එක් දිනක්  හෝ නොමැති වීම ඛේදනීය තත්ත්වයක් බව එම රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ අදහසයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට පරිත්‍යාගශීලීන්ගේ මැදිහත්වීම් මත අදාළ රුධිර පරීක්ෂණ ප්‍රතික්‍රියක ලබාගැනීමට හැකියාව ලැබී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

Exit mobile version