ඉංග්‍රීසි ඕඩයේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී 31ක් මරුට

බ්‍රිතාන්‍යය බලා ගමන් ගනිමින් සිටි සංක්‍රමණික බෝට්ටුවක් ඉංග්‍රීසි ඕඩය‍ේදී පෙරළීමෙන් 31 දෙනකු දැනට මියගොස් ඇතැයි විදෙස් වාර්තා පවසයි.

උතුරු ප්‍රංශයේ කැලයිස් වෙරළට ඔබ්බෙන් ඉංග්‍රීසි ඕඩයේ දී මෙම බෝට්ටුව පෙරළී ඇත.

ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා විසින් මෙය මේ දක්වා මෙම භයානක හරස් මුහුදු මාර්ගයේ සිදුවූ විශාලතම සංක්‍රමණ ඛේදවාචකය ලෙස මෙය හැඳින්වීය.


අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ජෙරල්ඩ් ඩැමනින් පැවසුවේ බෝට්ටුවේ පුද්ගලයින් 34 දෙනෙකු සිට ඇති බවට විශ්වාස කරන බවයි.

බලධාරීන් විසින් කාන්තාවන් පස් දෙනෙකුගේ සහ තරුණ ගැහැණු ළමයෙකු ඇතුළුව මළ සිරුරු 31 ක් සහ දිවි ගලවා ගත් දෙදෙනෙකු සොයා ගත් බව ඔහු පැවසීය.

එක් පුද්ගලයෙකු තවමත් අතුරුදහන් වී ඇත. සංචාරකයින්ගේ ජාතිකත්වය මෙතෙක් හඳුනාගෙන නැත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගලවාගැනීමේ මෙහෙයුම් අධීක්‍ෂණය කරන ප්‍රාදේශීය සමුද්‍ර අධිකාරිය පසුව පැවසුවේ මළ සිරුරු 27 ක් සොයා ගත් බවත්, දෙදෙනෙකු දිවි ගලවා ගත් බවත්, තවත් හතර දෙනෙකු අතුරුදහන් වී ඇති බවත්, දියේ ගිලී මිය ගිය බවත් ය. සංඛ්‍යාවල විෂමතාවය තවම පැහැදිලි කර නැත.

Exit mobile version