ඇෆ්ගනිස්තානයේ කඩාවැටීමට බලපෑ හේතු ‍හෙළිවෙයි

තලේබාන් සංවිධානයට බලය අත්කරදෙමින් ඇෆ්ගනිස්තානයේ පැවති ආණ්ඩුව හදිසියේම බිදවැටීමට බලපෑ හේතු පිළිබද අනාවරණයක් එම ආණ්ඩුවේ ජාතික ආරක්ෂක උපදේශකවරයාව සිටි හමිදුල්ලා මොහොමඩ් විසින් සිදුකර තිබේ.

ඔහු ටෝලෝ නිවුස් වෙත අනාවරණය කර ඇත්තේ අශ්රොෆ් ඝානි ආණ්ඩුව තුළ දේශපාලන වශයෙන් ඒකාබද්ධතාවයක් සහ එක්සත්කමක් නොතිබීම මෙම බිදවැටීමට මූලික හේතුව වූ බවයි.

මෙම තත්වය තුළ විවිධ ජනකොටස්වලින් සමන්විත වූ ඇෆ්ගනිස්තාන ජනගහනය මෙන්ම හමුදාව ද ඒකරාශීව තබා ගැනීමට නොහැකි වූ බව ඔහු පෙන්වා දී තිබේ.


ආරක්ෂක තොරතුරැ විධිමත් ලෙස සහ නිසි ලෙස අදාළ සියලු පාර්ශවවලට සංනිවේදනය නොවීම ද ඇෆ්ගන් ආණ්ඩුවේ බිදවැටීමට හේතු වූ බව ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පැවති ඇෆ්ගනිස්තාන ආණ්ඩුවේ ජාතික ආරක්ෂක උපදේශකවරයා තවදුරටත් පවසා ඇත්තේ ඇමරිකානු දේශපාලන න්‍යාය පත්‍රයට අනුව ක‍ටයුතු කිරීම ද එම‍ ආණ්ඩුවේ බැද වැටීමට හේතුවූ බවයි.

Exit mobile version