ඇෆ්ගන් සුපිරි ක්‍රිකට් තරු වූ රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි රසට උයා දසුන්ලාටත් පිළිගැන්වූ අපූරු භෝජනය…

A Taste of Friendship and Deliciousness

රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි...

එක්දින ක්‍රිකට් තරගාවලිය  සඳහා දිවයිනට පැමිණ සිටින ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි තරු වන රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි ඔවුන් නවාතැන් ගෙන සිටි හෝටලයේ දී විශේෂ ආහාර වේලක් සකස් කර සහෝදර ක්‍රීඩකයින් සහ ශ්‍රී ලංකා නායක දසුන් ශානක, චාමික කරුණාරත්න ඇතුළු පිරිස සමග බෙදාගෙන කෑ රසවත් පුවතක් වාර්තා වී තිබිණි.

රෂීඩ් ගේ මගපෙන්වීම යටතේ ඇෆ්ගන් කණ්ඩායම කෑම වේල සකස් කරමින්…

එම අවස්ථාව ආවරණය කරමින්  ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම විසින් පටිගත කරන ලද වීඩියෝවක් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිල යූ ටියුබ් නාලිකාවේ ද ප්‍රකාශයට පත් විය.

එම ආහාරය පකිස්ථානයේ ප්‍රසිද්ධ ආහාරයක් වන “Shinwari Rosh හෙවත්  Mutton Rosh” නම් විය. එය සකස් කරනු ලැබුවේ දර භාවිතයෙන් එළිමනේ සැකසූ ලිපකය.

ආහාර වේල පිළියෙළ කිරීමෙන් පසු ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ආහාර වේල සඳහා දෙවියන්ට ස්තූති කරමින් යාච්ඥා කිරීමෙන් අනතුරුව එය සිය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් සමග බෙදා ගත්තේය.


ඒක කෑම වේල හරිම මිහිරියි…. චාමික කරුණාරත්න…

කෑම වේල රස විඳිමින් සිටියදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න පැවසුවේ තමන් මීට පෙර එළුමස් අනුභව කළ නමුත් මෙවැනි රසවත් ලෙස එළුමස් ආහාරයට නොගත් බවත්,  මෙය විශේෂ ආහාරයක් බවත්ය. එළුමස් ව්‍යංජනය ඉතා මෘදු  බවද ඉතා රසවත් බව ද ඔහු කීවේය.

මේ කෑම හරිම රසවත්… මා ඉතා කැමතියි… දසුන් ශානක…

“මෙම එළුමස් කෑම පිළියෙළ කළේ කවුරුන්දැයි මා දන්නේ නෑ…   නමුත් මම ඔවුන්ගෙන්  මේ වට්ටෝරුව වට්ටෝරුව ඇහුවා”, චාමර කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් චානක ද ප්‍රකාශ කළේ තමන් මේ ආහාරය ගත්තේ පළමු වතාවට බවය. ඊට ඉතාම කැමති බව ඔහු පැවසුවේය. ඔහු ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ස්තුති කර තිබිණි. මේ සුපිරි තරු සකස් කෑම වේල සකස් කළ ආකාරය පිළිබඳ වීඩියෝවය.

Exit mobile version