ඇස්ට්‍රාසෙනිකා පමාවට හේතුව දේශපාලක “මාධ්‍ය සංදර්ශන“ සැලසුමක්

ජපානයෙන් ලැබීමට නියමිතව තිබූ ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත් තොගය සැලසුම් කළ පරිදි මෙරටට නොපැමිණ ඇත්තේ මෙරට දේශපාලකයකු සඳහා මාධ්‍ය සංදර්ශනයක් පැවැත්වීමට එක්තරා උපදේශකයකුගෙන් ලැබුණු කේවට්ට උපදේශයක් නිසා බව ලංකාසරට වාර්තා වේ. මෙම එන්නත් තොගය මෙම සතිය තුළ දී කොවැක්ස් පහසුකම හරහා මෙරටට ලබා දීමට එක්සත් ජාතීන්ගේ ළමා, අධ්‍යාපන සහ සංස්කෘතික අරමුදල (යුනිසෙෆ්) ආයතනය , ජපානයේ ඇස්ට්‍රාසෙනෙකා ඖෂධ නිෂ්පාදන සමාගම වන ඩයිචි සන්කියෝ සමාගමත් ජපාන රජයත් එක්ව වැඩපිළිවෙළක් සකස් කර තිබුණද සෞඛ්‍යයට කිසිදු සම්බන්ධතාවක් නොමැති තරුණ දේශපාලකයකු ඔහුගේ මූලිකත්වයෙන් මෙම එන්නත් තොගය ශ්‍රි ලංකාවට ගෙන එන බව පෙන්වීමට සැලසුම් කළ “මාධ්‍ය සංදර්ශනයක්“ හේතුවෙන් එය නියමිත දිනට නොඑවා අදාළ සැලසුම් කළ දිනවලට ගෙන්වීමට කටයුතු කරන ලෙස ඉල්ලා ඇති බව සඳහන් වේ. මෙම දේශපාලකයාට තම අනාගතය වෙනුනෙන් ප්‍රතිරූපය ගොඩනංවා ගැනිමට මෙය හේතුවක් වනු ඇති බවට ලැබුණු උපදෙස් මත මෙම පියවර ගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද ජපාන රජය මෙන්ම යුනිසෙෆ් සංවිධානයද එම ඉල්ලීමට නිසි ප්‍රතිචාර දක්වා නොමැති බව වාර්තා වන අතර මේ වනවිට යුනිසෙෆ් සංවිධානය සහ කොවැක්ස් පහසුකමෙහි බලධාරීන් අදාල එන්නත් ජපාන නිෂ්පාදකයාගෙන් මිලදී ගැනීමට අවශ්‍ය ඇණවුම් සිදු කර ඇති බවත් ඒ අනුව ලබන සිකුරාදා වන විට ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගයක් ශ්‍රි ලකාවට පැමිණිමට නියමිත බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.
බස්නාහිර පළාතේ ජනතාව අතරින් පුද්ගලයන් 925,000කට ආසන්න ප්‍රමාණයකට ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාදුන් අතර එයින් 537000කට ආසන්න පිරිසකට තවමත් එන්නත ලැබී නැති අතර මේ සම්බන්ධයෙන් ජනතාව විකෂිප්ත භාවයෙන් යුතුව පසුවෙති.

Exit mobile version