ඇලෝසියස්ගේ මෙන්ඩිස් බලපත්‍රය යළි අහෝසියි

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමූහ ව්‍යාපාර හිමිකාර අර්ජුන් ඇලෝසියස්ට අයත් ඩබ්. එම්. මෙන්ඩිස් මත්පැන් නිෂ්පාදන සමාගමේ කටයුතු නැවතත් ආරම්භ කිරීමට ලබාදී තිබූ බලපත්‍රය අහෝසි කිරීමට රජය තීරණය කර ඇත.

අද පස්වරුවේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මේ පිළිබද පැවති සාකච්ඡාවේදී අමාතයවරුන් කිහිප දෙනකුම සුරාබදු අද්‍යක්ෂ ජනරාල්වරයා විසන් ලෙන ඇති තීරණය විවේචනය කලේය. මේ වනවිට මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේ ප්‍රධාන චූදිතයතුව සිටින අර්ජුන ඇලොෂියස්ට බදු ගෙවීමේ එකඟතාවන් මත මෙසේ මත්පැන් නිෂ්පාදනයට අවසර දීමෙන් රජයද මේ වනවිට බරපතල විවේචනයට ලක්ව ඇති බව ඔවුන් පෙන්වා දී ඇති බව ලංකාසරට අදහස් දැක්වූ ඇමතිවරයෙක් සඳහන් කළේය.  අනතුරුව ජනාධිපතිවරයා නියෝග කර ඇත්තේ නිෂ්පාදනය යළි ඇරඹීමේ බලපත්‍රය වහා අවලංගු කරන ලෙසය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමූහ ව්‍යාපාරයේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ට අයත් මෙම මත්පැන් නිෂ්පාදන සමාගමේ කටයුතු 2018 සිට අත්හිටුවා තිබූ අතර පසුගිය සතියේදී නිෂ්පාදන ඇරඹීමට යළි බලපත්‍රය ලබාදී තිබුණේ බදු මුදල් හා ණය මදල් අයකරගැනීම වෙනුවෙනි.


Exit mobile version