ඇඹිලිපිටියේ දෝන දන්දිනා රාජපක්ෂ මාවත ..!

ඇඹිලිපිටිය ප්‍රගීත් ජනක –

අද (03) ඇඹිලිපිටිය ඩී.ඒ. රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේ දී  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගේ මෑණියන් වන දෝන දන්දිනා සමරසිංහ  ගේ ගුණ සමරු උත්සවයක්  සංවිධානය වී තිබුණු අතර ඉන් අනතුරුව කාපර්ට් අතුර සකස් කර තිබූ ඇඹිලිපිටිය කොන්ක්‍රීට් යාඩ් මාර්ගය   දෝන දන්දිනා රාපක්ෂ මාවත නමින් නම්කිරීම සිදුවිය.

ඇඹිලිපිටිය නගරසභාවේ නාගරික මන්ත්‍රී රුවන් පතිරණ   විසින් මෙම ගුණ සමරු උත්සවය පස්වැනි වතාවට සංවිධානය කර තිබූ අතර මේ එම මෑනියන්ගේ 41 ගුණ සමරුවය.

මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ, චමල් රාජපක්ෂ, අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි, රජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, ලොහාන් රත්වත්ත, මාධ්‍යවේදී මොහාන් සමරනායක, යන ආරාධිතයෝ සහභාගී සිටියහ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙහිදී ප්‍රදාන අනුශාසනාව දක්ෂිණ ලංකාවේ ප්‍රදාන සංඝණායක ආචාර්ය ඕමල්පේ සෝබිත හිමියන් විසින් සිදුකරන ලද අතර අමාත්‍ය චමල් රාජපක්ෂ  හා ශිරන්ති රාජපක්ෂ   විසින් දෝන දන්දිනා රුවට මල් තබා උපහාර දක්වන ලදී.

Exit mobile version