ඇමෙරිකානු රාජ්‍ය ලේකම්ගේ තර්ජනාත්මක හදිසි පැමිණීම පසුපස ඇත්තේ බ්ලැක්මේල් කිරීමක්ද?

ජ.වි.පෙ අසයි

ශ්‍රි ලංකාවට රාජ්‍ය තාන්ත්‍රිකමය තර්ජනයක්ද එල්ල කරමින් එරට ජනාධිපතිවරණයට දින පහක් තිබියදී කොරෝනා අවදානම මැද ඇමෙරිකාවේ ප්‍රධානතම යුධ සහ දේශපාලන පනිවිඩකරුවා වන ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ශ්‍රි ලංකාවට හදිසියේ පැමිණීම පසුපස පවතින ඇත්ත රට ඉදිරියේ ආණ්ඩුව හෙලි කළ යුතු බවත් ඔවුන්ගේ මෙම තර්ජනාත්මක ක්‍රියාදාමය තුළ හිටපු ඇමෙරිකානු පුරවැසියකු වන ජනාධිපතිවරයා ඇතුළු පවුලේ උදවිය බ්ලැක් මේල් කිරීමකට ලක් කර ඇතිද යන සැකය පවතින බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රි බිමල් රත්නායක මහතා පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද පැවැති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව අදහස් දැක්වූ බිමල් රත්නායක මහතා අද ලොක්යේ කොරෝනා ව්‍යාප්තකිය වැඩිම රට වන්නේ ැමෙරිකාව බවත් දෙස=දවැනියට වැඩිම රට වන්නේ ඉන්දියාව බවත් පැවූ අතර ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඇමෙරිකාවේ සිට ඉන්දයිවාට පැමිණ ශ්‍රි ලංකාවට පැමිනාිමේදී පවතින සෞක්‍ය අවදානම සම්බන්ධයෙන් ග්නනා පියවර ද හෙලි කළ යුතු බවත් රටේ සාමනාය ජනතාවට පවතින නීතිය මෙවැනි ධනවත් බලවත් අය සම්බන්ධයෙන් අනුගමනය නොකරන්නේද යන්න පිළිබඳවත් විමසා සිටියේය.
ජනතා විමුක්ති පෙරමුණේ ජාත්‍ය න්තර දේහපාලනය සම්බ්ද දේහපාලන මන්ඩලසාහාජිකයා වන බිමල් රත්නායක මෙටසේද පැවසීය.
“ඇමෙරිකාව ලෝකයේ වැඩිම කොරානා රෝගීන් මිය ගිය රට. 225,000ක මැරිලා. ඇමෙරිකානු ජනපතිටත් කොරෝනා හැදුණා. ජනපති රෝහලෙන් පිටවෙලා අත්තනෝතමතික ලෙස වැඩ කළා. කොහොමත් ඇමෙරිකාවේ ජනතාව කොරෝනා සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ හිතුවක්කාර පිළිවෙතක්. ඔහු ඇතුළු කණ්ඩායම අඩුම ගානේ නිරෝධායනය විය යුතුයි.රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝත් නිරෝධායනය විය යුතුයි. නමුත් නිරෝධායනය වෙන ලෝකයේ දෙවන වැඩිම කොරෝනා පවතින රට වන ඉන්දියාවට එනවා. මේ රටවල් කෙකේම රෝලීන් ගණන ලක්ෂ 165ක් තව දින කිහිපයකින් රටේම ජනගහණය ඉක්මවනවා. අපිත් දැන් කොරෝනා රෝගයේ ප්‍රබලතාව වැඩිවෙමින් පවතින අවස්ථාවක්.
සාමාන්‍යෙයන් ඇමෙරිකාවේ ඉහළතම රාජ්‍ය නායකයෙක් එනවිට මේ සංචාරය ටික කලක සිට සංවිධානය වෙනවාත එය සථිර වන්නේ කලක පටන්. නමුත් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ගේ මෙරට පැමිණීම ස්ථිර කරන්නේ සතියකට පෙර. මේ ස්ථිර කිරීමත් 20 වැනි සංශෝධනයත් අතර සම්බන්ධයක් තිබේදැයි සිතෙනවා. මේ සංශෝධනය මාර්ගයෙන් හිටපු ඇමරිකනු පුරවැසියකු වන ගෝඨාභය රාජපක්ෂ මහතාට යම් බලපෑමක් කළාද යන ප්‍රශ්නය තිබෙනවා. විශේෂයෙන් විසි වැනි සංශෝධනයට අවශ්‍ය මන්ත්‍රිවරු සංඛ්‍යාව සජිත්ගේ කණ්ඩායමෙන් ස්ථිර වුණාට පස්සේද පැමිණීම ස්ථිර වෙන්නේ?. මේ ප්‍රබල නිලධාරියා සමග ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ආරක්ෂක ඇමති ඉන්දියාවට පමැනිණීමට නියමිතයි. ඔහුත් ලංකාවට එනවද දන්නේ නෑ. ඒ පිළිබඳව වාර්තා කරල නෑ. සාමාන්‍යෙයන් ඇමෙරිකානු යුධ දේශපාලන පනිවිඩකරුවා වෙන්නේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඒ අනුව මයික් පොම්පියෝගේ මේ හදිසි සංචාරය සැක සහිතයි. මේ හදිසි ස්වරූපය එක්ක.
මේ වනවිට ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් ග්ලෝබ් මාස්ටර් 3 ගුවන් යානය ලංකාවට පැමින තිබෙනවා. . මේක දින කිහිපයකට පෙර එන වාහන සහ ඇඩ්වාන්ස් ටීම්. මේ ගුවන් යානයේ පැමිණි පුද්ගලයන් කවුද? මේ පුද්ගලයන්ට අදාළ කොරෝනා නීති ක්‍රියාත්මක වන්නේ කෙසේ? මේ අය සුපර් හියුමන් ලාද? මේ ආරක්ෂක ලඇණිය 74ක් පැමිණියා ඔවුන් කොහෙද නතර වෙන්නේ?. ඇමෙරිකානුවන් කොරෝනා රෝග වසංගතය හමුවේ ඉතා වගකීම් විරහිතව කටයුත කරන කට්ටිය. ඔවුන්ට නීති නෑ. ගුවන් තොටුපළ, හොටල් සේවක සේවිකාවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කුමන වගකීමක්ද ගන්නේ. .
මේ අය එක්නේ අපට වාසියකට නෙවෙයි. ඔවුන් එන්නේ අපිට තර්ජනය කරල. එන්න කලින් අපව දණ ගස්සවල. ශ්‍රි ලංකාව ඉන්නේ වැදගත් සන්ධිස්තානයක. අනාගතය දුෂ්කර වෙන්න පුළුවන් නමුත් අත්‍යවශ්‍ය තීන්දුවක් ගත යුතුයි කියල ඔවුන් පොම්පියෝ එන්නත් කිලන් කියනවා. එන්නේම තග දාලා. එන ගේම ඉල්ලගෙන. ආණ්ඩුව පත් කරගත් විශාල පිරිසක් ඉන්නවා. දේශපාලන සළුපිළි අන්දපු විශාල පිරිසක් ඉන්නවා. ඇමෙරිකාවට එරෙමිව කෑ ගහපු දේශප්‍රේමීන්ගේ මේ ගැන නරි කෙඳිරිල්ලක්වත් නැත්තේ ඇයි?. ඔවුන්ට විශාල දේශප්‍රේමී සහතික දුන්නා. ඔවුන් කවුරු එක්කද ඉන්නේ. කෙළින් නැත්නම් වක්‍රව හරි කියල එන්න එපා කියල. ලංකාවට තර්ජනය කරල එන්න එපා. මයික් පොම්පියෝගේ රටේ පුරවැසි භාවය දරනවා ජනාධිපතිවෙරයගේපවුලේ අය. ඔවුන්ට කියනන් පුළුවන් අපි පුරවැසිකම අත්හරිනවා. ඉතා පැහැදිළි දේ තමයි මේ හදිසි මැදිහත් වීම මේ බ්ලැක්මේල් කිරීමක් වෙනවද කියල ජනාධිපතිවරයාගේ පුරවැසිභාවය ඉවත් කරගත් ලයිස්තුව පළ වුණේ ජනපති වෙලා මාස 05කට පස්සේ. බ්ලැක්මේල් කිරීම ඇමෙරිකාවේ කුප්‍රකට විදේශ ප්‍රතිපත්තියක් රටක්.

Exit mobile version