ඇමෙරිකානු කාන්තාරයෙන් හමුවූ අබිරහස් ලෝහ කණුව පිටසක්වල එකක්ද?

අමෙරිකාවේ උටා කාන්තාරයේ රතු පාෂාණ රාජ්‍යයේ අභිරහස් ලෙස දැවැන්ත ලෝහ කණුවක් ගල් පර්වතයක කිඳා බැස තිබියදී සොයාගත් බව මහජන ආරක්ෂාව පිළිබඳ දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. කෙසේවෙතත් මෙම ලෝහ කණුව කිඳා බස්සවා ඇති ස්ථානය සහ එය කුමක්ද යන්න මෙතෙක් අභිරහසක් වීම නිසා ඇතැමුන් පෙන්වා දෙන්නේ මෙය පිටසක්වලකින් යම් අරමුණයකට දැමූ එකක් වන්නට ඇති බවයි.

මහජන ආරක්ෂාව පිළිබඳ දෙපාර්තමේන්තුවේ වනජීවි සම්පත් අංශය හා ගුවන් කාර්‍යංශය එක්ව ගිනිකොන දිග උටාහි කොටසක විශාල අං සහිත බැටළුවන් ගණනය කිරීමේ ගුවන් මෙහෙයුමක පසුගිය 18 වන දින යෙදී සිටියදී මෙම ලෝහ කණුව සොයා ගන්නා ලදී.

මහජන ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් මුදාහැර ඇති ලෝහ කණුවේ ඡායාරූපවල පැති හතරක් සහිත අඩි 10 ක පමණ උසැති ලෝහ කණුවක් දැක්වේ. මතුපිට දිලිසෙන නමුත් පරාවර්තක බවක් නොපෙනෙන මෙම කණුව රතු පාෂාණ ගල් පර්වතයේ පොළොව යටට අඩි 10ක් පමණ කිඳා බැස ඇතැයි ඔවුහු අනුමාන කරති.


“එය මල නොබැඳෙන වානේ වර්ගයක්. එය පොප් රිවට් සමඟ එකතු කර ඇති බව පෙනේ,”  මහජන ආරක්ෂාව පිළිබඳ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක ලුතිනන් නික් ස්ට්‍රීට්පැවසීය. ” එය ඒ ආකාරයෙන් සැකසූවක් නම් එය නියත වශයෙන්ම මිනිසුන් විසින් එකට එකතු කර සකසන ලද්දකි. කාලරාමුව අනුව නම් අප දන්නා පරිදි, එය මීට වසර 50, 60 කට පෙර එහි සවිකල හැකිව තිබුණා. නමුත්, එය සෑදී ඇති ද්‍රව්‍ය නිසා එය එසේ වූවා යැයි හිතන්නට බැහැ. කොහොම වුණත් එය අනිවාර්යයෙන්ම සිත්ගන්නා සුළු ස්ථාපනයක්.”

“මෙම මෙහෙයුමේ යෙදී සිටියදී ඔවුන් අසාමාන්‍ය වස්තුවක් සොයාගෙන වැඩිදුර විමර්ශනය කිරීම සඳහා ඒ අසලට ගොඩ බැස්සා. කාර්ය මණ්ඩල සාමාජිකයින් දුරස්ථ ප්‍රදේශයකදී රතු පාෂාණයක භූමියේ සවි කර ඇති ලෝහ කණුවක් සොයා ගත්තා.”

මෙම පාෂාණ භූමියේ මෙම ලෝහ කණුව ස්ථාපනය කළේ කවුරුන්ද යන්න පිළිබඳව “පැහැදිලි ඇඟවීමක්” නොමැති බව එරට වාර්තා පෙන්වා දෙයි.

මෙම කලාපයේ පොදු ඉඩම්වල අවසරයකින් තොරව චිත්‍ර හෝ කිසිවක් ස්ථාපනය කිරීම නීති විරෝධී බව මහජන ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි. “ඔබ කුමන ග්‍රහලෝකයකින් පැමිණියත් එවැනි දේකට ඉඩක් නැත” යනුවෙන් එම දෙපාර්තමේන්තුව ජනතාවට නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

“මෙය කිසියම් ආකාරයක ස්ථාපන උත්සාහයක් බව අපට 100% ක්ම විශ්වාසයි” යැයි  මහජන ආරක්ෂාව පිළිබඳ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක ලුතිනන් නික් ස්ට්‍රීට් පවසයි.

“උත්සාහයක් නොවේ, ඔවුන් එය ගිනිකොනදිග උටාහි රතු පර්වතයේ සාර්ථකව ස්ථාපනය කර තිබෙනවා.
පුද්ගලයන් එම ලෝහ කණුව සොයා ගැනීමටත් එය නැරඹීමටත් උත්සාහ කිරීමෙන් වලක්වා ගැනීම උදෙසා එම ස්ථානය නිශ්චිතව අනාවරණය කර නැත.

“අනෙක් කරුණ නම් මෙය සොයා එන පුද්ගලයන් අතරමං වීමේ වැඩි ඉඩක් පවතින අතර ඉන්පසු ඔවුන් බේරා ගැනීමත් කරන්නට අවශ්‍ය වීමයි” යනුවෙන් එම ප්‍රකාශය අනතුරු ඇඟවීය.

උටාහි සියොන් ජාතික වනෝද්‍යානයේදී සති දෙකකට ආසන්න කාලයක් අතුරුදහන් වූ කැලිෆෝනියාවේ කාන්තාවක් ආරක්ෂිතව සොයා ගැනීමෙන් මසකට පමණ පසු මෙම ලෝහ කණුව හමුවී ඇති නමුත් මෙම කණුව සෙවීමට උත්සාහ නොකරන ලෙස මහජන ආරක්ෂක දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් කර ඇත.

රතු පාෂාණ රාජ්‍යය ලෙස හැඳින්වෙන්නේ උටා කාන්තාරයේ සංචාරක කර්මාන්තයට අතිශය වැදගත් කැපී පෙනෙන කඳු නැගීමේ කලාප පහෙන් එකකි.

ගල් පර්වතයේ කිඳා බැස්සවූ ලෝහ කණුව හමුවූයේ රතු පාෂාණ රාජ්‍යයෙ සිටින මෙවැනි විශාල අං සහිත බැටලුවන් ගණනය කිරීමට ගිය ගුවන් මෙහෙයුමේදී ය
ලෝහ කණුව ළඟට පෙනෙන අයුරු

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගුවනට දිලිසෙන යමක් මෙලෙස පෙනීම නිසා පරීක්ෂා කිරීමේදී ලෝහ කණුව හමුවී ඇත

 

Exit mobile version