ඇමරිකාව කම්පා කළ සිසු ඝාතනය… සිසුන් 19 ක් සහ වැඩිහිටියන් 21 ප්‍රාථමික පාසලක් තුළ මරා දැමූ හැටි!

ඝාතකයා 18 හැවිරිදි පාසල් සිසුවෙක්....

ඇමරිකාවේ ටෙක්සාස් හී ප්‍රාථමික පාසලක සිදුවූ වෙඩි තැබීමකන් සිසුන් 19 දෙනෙකු සහ වැඩිහිටියන් දෙදෙනෙකු මර්ණයට පත්ව තිබේ.

මෙම වෙඩි තැබීම 18 හැවරිදි සැල්වඩොර් රමොස් විසින් සිදුකර ඇති බවට හඳුනාගෙන ඇති අතර ආරක්ෂක අංශ විසින් එල්ල කළ ප්‍රතිප්‍රහාර වලින් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත.

වෙඩි තැබීම සිදුකළ තැනැත්තා ඊට පෙර සිය මිත්තනියටද වෙඩා තබා ඇති අතර ඇගේ තත්ත්වය බරපතල බවට රෝහල් ආරංචි මර්ග සදහන් කරන බවද සී.එන්.එන් පුවත් සේවය වාර්තා කරයි.

මිත්තනියට වෙඩි තැබීමෙන් අනතුරුම වෙඩික්කරු විසින් පාසලේ ගෙට්ටුව සිය රථය ගැටීමට සලස්වා ඇති අතර පසුව රථයෙන් බැස පාසලට ඇතුළු වී තිබේ. පසුව ඔහු පන්ති කාමර කීපයකට ඇතුළු වී වෙඩි තබා ඇති බවටද ඇමරිකානු මාධ්‍ය සඳහන් කරයි.


2012න් පසු ඇමරිකාවේ ප්‍රාථමික පාසලක සිදුවූ දරුණුතම වෙඩි තැබීම මෙය බවද වාර්තාවේ. එමෙන්ම මෙම වෙඩි තැබීම ඇමරිකාවේ 2022 වර්ෂයේ ප්‍රාථමික පාසලක සිදුවූ 30 වැනි වෙඩි තැබීම වේ.

‍අදාල වෙඩි තැබීම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිය කණගාටුව පළකර ඇති අතරම ගිනි අවි භාවිතය පාලනයක කිරීමට වහාම ක්‍රියා කළයුතු බවටද ඔහු පෙන්වා දී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇමරිකාවේ ගිනි අවි නීතය දැඩි කිරීමට උත්සහ කළද ඇතැම් දේශපාලඥයින් එරට තුල ගිණි අවි තහනම් කිරීමට විරෝධය පළකරන අතරම එමගින් සිය දේශපාලන අරමුණු ඉටු කරගැනීමටද ඔවුන් කටයුතු කරමින් සිටී.

Exit mobile version