ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිටත් කොරෝනා

තානාපති කාර්‍යාලය තාවකාලිකව වැසේ

අමෙරිකාවේ වොෂින්ටන් ඩීසී හි ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මහතා ඇතුළු එහි කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 5 දෙනෙකුට covid-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් තානාපති කාර්යාලය ලබන 10 වනදා තෙක් වසා දමා තිබේ.

PCR පරීක්ෂණවලින් වෛරසය ආසාදනය වී නැති බවට තහවුරු වන කාර්ය මණ්ඩල සාමාජිකයන් ගෙන් ලබන එකොළොස් වැනි දා සිට යළිත් සුපුරුදු පරිදි තානාපති කාර්යාලයේ කටයුතු සිදුකෙරෙන බව එම කාර්යාලය නිවේදනය කරයි.

ආසාදිත සාමාජිකයින් සිය ප්‍රතිකාර නිරෝධායන කාල සීමා සම්පූර්ණ කරන අතර ඉන් පසුවද දුරස්ථව නිවසේ සිට රාජකාරී ආරම්භ කරනු ඇති බව එම කාර්යාලය දන්වා සිටී.


තානාපති කාර්යාලය වසා දමා ඇත්තේ පසුගිය 4 වැනිදා සිටයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුගිය 8 වැනිදා තානාපති කාර්යාලය ම සම්පූර්ණයෙන්ම විෂබීජ හරණයට ලක්කර තිබේ.

Exit mobile version