ඇමති ලේකම්වරයෙක් ලෙස පෙනී සිටි හරක් හොරෙක් ලුණුගම්වෙහෙර පොලිසියට කොටු!

කීර්ති ප්‍රනාන්දු –

දේශපාලකයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් ලෙස පෙනී සිටිමින් අවිහිංසාවාදී සත්ත්ව සංවිධානයක නියෝජිතයෙක් බව පවසා හොර හරක් ලොරි දෙකක් මත්තල සිට මහඔයට පටවාගෙන යන්නට ගිය ජාවාරම් කරුවෙක් ලුණුගම්වෙහෙර පොලිසිය විසින්  අත්අඩංගුවට ගෙන තිබේ.

වාහන 2කින් හරක් 22ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් 04ක් මෙසේ අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කරන බව ලුණුගම්වෙහෙර පොලිසිය පැවසුවේය.

තමන් අවිහිසාවාදී සත්ත්ව සංවිධානයක නියෝජිතයෙක් බවට  ලිපියක් පෙන්වා සිටියත් එම සංවිධානය සම්බන්ධව කිසිදු විශ්වාසයක් නැති බවත්, ප්‍රවාහන බලපත්‍රයක්, පශු වෛද්‍ය වාර්තාවක් හෝ ගව බලපත්‍රයක් නොතිබුනු බවත් පොලිසිය කියයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ තැනැත්තා අත්අඩංගුවට පත් අවස්ථාවේ තමන් රාජ්‍ය ඇමතිවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් යැයි පවසා ඇතත් පොලිස් කටඋත්තරයේ දී එවැනි ප්‍රකාශයක් නොකළ බව ලුණුගම්වෙහෙර පොලිසිය කියයි.

Exit mobile version