ඇමති ජොනීගෙන් චීනුන්ට බැනුම්

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම කොටසේ ඉදිකිරිම් ප්‍රමාද වීම පිළිබඳ එහි කටයුතු භාරව සිටින විදේශීය කොන්ත්‍රාත් ආයතනයේ විදේශීය නිලධාරින්ට මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඊයේ අමාත්‍යාංශය වෙත කැඳවා දෝෂාරෝපණය කර තිබේ.

මන්දගාමීව වැඩ කිරිම සම්බන්ධයෙන් අමාත්‍යවරයා සහ මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්.ආර් පේමසිරි මහතා කොන්ත්‍රාත් සමාගමේ අතර මෙම මාර්ගයේ ඉදිකිරිම් ප්‍රමිතිගතව කඩිනමින් අදාල ඉලක්කගත කාලය තුලදී අවසන් කරන ලෙසද කොන්ත්‍රාත් සමාගමට නියෝග කරන ලදී.

තවද ඕනෑකමින් වැඩිපුර කල් ගැනීමෙන් රජයට වැඩිපුර මුදල් ගෙවීමට සිදුවන බවත් වැඩ පමා කර වැඩිපුර මුදල් ගැනීමට හිතනවානම් වැඩිපුර ශතයක්වත් ගෙවන්නේ නැති බවත් කඩවත මීරිගම කොටස ඉදිකරන සමාගමේ නියෝජිතයින්ට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.


ටෙන්ඩර් ප්‍රදානයකර අත්තිකාරම් මුදල්වත් නොගෙවා වසර 5ක් පුරා පසුගිය යහපාලන රජය විසින් වැඩ ආරම්භ නොකර තිබූ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටස ඉදිකිරිම සදහා අදාල ඉදිකිරිම් කටයුතු කරන සමාගමට රුපියල් බිලියන 16.67ක් ගෙවා, ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාගේ නියෝගයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙසින් පසුගියදා වැඩ ආරම්භ කරන ලදී.

මෙම මාර්ගය වසර 3ක් ඇතුලත කඩිනමින් ඉදිකරන ලෙසටද අමාත්‍යවරයා එම සමාගම දැණුවත් කර තිබිණී.

පසුගිය යහපාලන රජය වසර ගණනාවක් කල්මරමින් ටෙන්ඩර් ප්‍රදානය කර මුදල් පවා නොගෙවා තිබුණී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නමුත් මෙම රජය ගෝලීය වසංගතයක් ඇති මොහොතකදී අත්තිකාරම් මුදල් පවා ගෙවා තිබියදී මෙලෙස ජනතාව අපහසුතාවයට පත්කිරීම කණගාටුදායක බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version