ඇමතිවරු දෙදෙනෙක් හෙට රුසියාවට… තෙල් ගැනත් කතා කරන්න නියමිත බව බලශක්ති ඇමති කියයි!

russsia

රාජ්‍ය තාන්ත්‍රික කටයුත්තක් සඳහා කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් හෙට රුසියාවේ සංචාරයක යෙදෙන බවත්,  ඒ සංචාරය අතරතුර ඉන්ධන ආනයනය  සම්බන්ධව රුසියාවෙන්  රාජ්‍ය තාන්ත්‍රිකව ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බවත් බලශක්ති ඇමති කාංචන විජේසේකර පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ අද ඉන්ධන අර්බුදයේ ස්වරූපය පිළිබඳ දැන්වීමට කැඳවා තිබූ පුවත් පත් සාකච්ඡාව අතරතුරය.

රුසියාවෙන් තෙල් මිල දී ගැනීම සඳහා අමාත්‍යවරයා ලෙස  තමන් ද ලිඛිත ඉල්ලීම් කර ඇති බවත්, විදේශ අමාත්‍යාංශය සහ  රුසියානු තානාපතිවරිය   රාජ්‍ය තාන්ත්‍රිකව ඒ පිළිබඳව කටයුතු කරමින් සිටින බවත් ජනාධිපතිවරයා මේ සම්බන්ධව ඉතා උනන්දු බවත්  බලශක්ති අමාත්‍ය කාංචන විජේසේරක පැවසුවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු පෙන්වා දෙන්නේ රුසියාවෙන් තෙල් ලබා ගැනීම අද ඉල්ලුම් කර හෙට ලබාගත හැක්කක් නොවන බවය.


Exit mobile version