ඇමතිවරුන් මෙන්ම ආණ්ඩුවට දරදිය ඇදි අයගෙනුත් බැසිල්ට ප්‍රසිද්ධ විවේචන

පොදුජන පෙරමුණේ නිර්මාතෘවරයා මෙන්ම එම පක්ෂය මෙවර මහමැතිවරණයෙන් විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කරවීමේ නියමුවා ලෙසින් සැලකෙන බැසිල් රාජපක්ෂ මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් රජයේ අමාත්‍යවරුන්, රජයට සම්බන්ධ භික්ෂූන් වහන්සේලා කිහිප නමක්, විද්වතුන් සහ පක්ෂයේ දරදිය ඇදි සමාජ ක්‍රියාකාරීන් ගණනාවක්ම දැවැන්ත විරෝධයක් එල්ලකරන බව ලංකාසරට වාර්තා වේ.

බැසිල් රාජපක්ෂ මහතාගේ වැඩපිළිවෙළකට ප්‍රසිද්ධියේම විරෝධය පළකරන රජයේ දේශපාලකයන් අතර විමල් වීරවංශ, අද්මිරාල් සරත් වීරසේකර, විජේදාස රාජපක්ෂ සහ ගෙවිඳු කුමාරතුංග යන මහජන නියෝජිතයන් සිටින අතර පක්ෂයට සම්බන්ධව භික්ෂූන් වහන්සේලා ගණනාවක්ද යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතැම් සංශෝධනයන් බැසිල් රාජපක්ෂගේ වුවමනාව මත සිදුකළ බවට චෝදනා නගා ඇත.

විශේෂයෙන් ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ වූ සංශෝධනය බැසිල් රාජපක්ෂ මහතාම ඉල්ක්ක කරගෙන සිදුකළ බවට ඔවුන් පවසන අතර පසුගියදා හිටපු අමාත්‍ය රිෂාඩ් බදූර්දීන්ගේ සොයුරා නිදහස් කිරීම මෙනම් රිෂාඩ් බදූර්දීන් යළි රජයට එක් කරගැනීමේ ක්‍රියාදාමයේ පසුපස ද සිටිනුයේ බැසිල් රාජපක්ෂ මහතා බවට චෝදනා කරති.


මේ පිළිබඳව විමල් වීරවංශ මහතා ප්‍රසිද්ධියේම කරුණු දක්වා තිබුණු අතර පක්ෂයට සම්බන්ධව පසුගිය කාලයේදී ඉතා කැපවීමෙන් ක්‍රියා කළ සමාජ ක්‍රියාකාරීන් ක්‍රියාකාරිනියන් කිහිදෙනකු තම සමාජජාල ගිණුම් හරමහා බැසිල් රාජපක්ෂ මහතා ඉලක්ක කරමින් ප්‍රසිද්ධ විවේචන සිදුකර තිබුණි.

එමෙන්ම ජාතික සංවිධාන එකමුතුවද මෙම පියවර සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා ඉලක්ක කර විවේචන ඉදිරිපත් කර තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේම දැනට මියන්මාරයේ තානාපති ධුරය දරන මහාචාර්ය නලින්ද සිල්වාද “ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට යම් ජාතිකත්වයක් තියෙනවා. අගමැති මහින්ද රාජපක්‍ෂට පළපුරුද්දෙන් අත්කරගත් ජාතිකත්වයක් තියෙනවා. චමල් රාජපක්‍ෂටත් සුළු වශයෙන් හරි ජාතිකත්වයක් තියෙනවා. එහෙත් අනෙක් අය ගැන අපට එහෙම කියන්න බැහැ. වෙන්ඩ ජනාධිපතිගේ අභිප්‍රාය පරාද කරන්න ඕනෙ. ද්විත්ව රටවැසි කතාවෙ තියෙන භයානකකම අධිකරණයෙදි හෙළිදරවු වුණා.” යයි විවේචනය කර තිබුණේ බැසිල් රජපක්ෂ මහකතා ඉලක්ක කරගනිමින් බව විචාරකයන්ගේ අදහස වී තිබේ.

Exit mobile version