ඇමතිට අමුතු නීතියක් නෑ… පැමිණිල්ල අනුව විමර්ශන පටන් ගන්නවා… මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති කියයි!

හිටපු   බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ  සම්බන්ධව කරන ඕනෑම නෛතික පැමිණිල්ලක් සම්බන්ධව ක්‍රියාත්මක වී ඔහුට එරෙහිව පරීක්ෂණ පවත්වා වරදක් සිදුකළේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර ලංකාසරට පැවසීය.

ඇමතිවරයෙක් වූ පමණින් රටේ නීතිය ක්‍රියාත්මක නොවන්නට ඉඩක් නැති බව කී ඇමතිවරයා පැමිණිල්ලක් ලැබුණු වහාම පරීක්ෂණ ආරම්භ කරන බව කීවේය.

කෙනෙකුට බලපත්‍ර සහත ගිනි අවියක් ලඟ තබා ගත හැකි නමුත් එය වැරදි ආකාරයට පරිහරණය කිරීමේ කිසිම අයිතියක් නැතැයි ද ඇමතිවරයා පෙන්වා දුන්නේය.


කෙසේ වෙතත් මේ වනවිට හිටපු බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේට එරෙහිව පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ ගොනු වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් මෙම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොනු කර ඇත.

Exit mobile version