ඇමතිකමින් ඉවත්කළ ගම්මන්පිල ඤාණා මෑණියන් ලඟට යනකොට ජනපතිත් එතන…

අනුරාධපුරේ ඤාණා මෑණියන් සරණයන ලයිස්තුවක් ගම්මන්පිල හෙළි කරයි... හිටපු ජනපති මෛත්‍රී, හරීන්, තලතා, හමුදා ප්‍රධානීන්, විනිසුරුවරුන් ඒ අතර....

ඇමති ධුරයෙන් තමන් ඉවත් කළ පසු දිනෙක අනුරාධපුරයේ ඤාණා මෑණියන් දකින්නට එහි ගිය බවත් ඒ අවස්ථාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  තමන්ට එම දේවාලයේ දී හමුවූ බවත් හිටපු බලශක්ති ඇමති උදය ගම්මන්පිල පැවසුවේය. ඔහු කීවේ එහිදී ජනපතා සමග සුහද සාකච්ඡාවකට අවස්ථාව සැලසුණු බවය.

අන්තර්ජාල සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හිටපු ඇමතිවරයා කීවේ තමන් පමණක් නොව, හරීන් ප්‍රනාන්දු, තලතා අතුකෝරල, මෛත්‍රීපාල සිරිසේන, හේමා ප්‍රේමදාස, අකිල විරාජ් කාරියවසම්, හමුදාවේ ඉහළම ප්‍රධානීන්, ප්‍රධාන විනිසුරුවරුන් ඤාණා මෑණියන් හමුවන්නට යන බවය.

එසේ යන්නේ රට පාලනය කරන ආකාරය ගැන උපදෙස් ලබා ගන්නට නොව, යම් යම් ප්‍රතිකාර ලබා ගැනීමට බවත් උදය ගම්මන්පිල පැවසුවේය.


තමන් එතෙන්ට යන්නේ තමන්ගේ අසනීප සඳහා බෙහෙත් ගන්නට බවත්, එම බෙහෙත්වලින් තමන්ට ගුණ බවත් ඔහු කීවේය.

එහිදී සම්මුඛ සාකච්ඡාව මෙහෙයවූ චමුදිත සමරවික්‍රම ගම්මන්පිල හිටපු ඇමතිවරයාගෙන් ඇසුවේ  ඇත්තම රට පාලනය කරන නායකයා ඤාණා මෑණියන්ද කියාය.

“ඤාණා මෑණියන් දේශපාලනයක් කරන්නෙ නෑ. පක්ෂ දේශපාලනයක් කරනවා නම් සියලුම පක්ෂවල අය  එතෙන්ට යන්නෙ නෑ. විනිසුරුවරු, හමුදා ප්‍රධානීනුත් එතෙන්ට යනවා. “

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


උදය ගම්මන්පිල හිටපු ඇමතිවරයා උත්තර දුන්නේ එසේය.

 

Exit mobile version