ඇමතිකම් ගත්තොත් පක්ෂයෙන් පන්නනවා…. ශ්‍රීලනිප ය සිය මන්ත්‍රීවරු 06කට අනතුරු අඟවයි…

නිමල් සිරිපාල, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක ශ්‍රිලනිපයෙන් විසිවෙන ලකුණු....

නව රජය සමග ගනුදෙනු කිරීම සම්බන්ධයෙන්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන තිබෙන සාමුහික තීරණය  කඩ කරමින් යම් මන්ත්‍රීවරයෙක්  ආණ්ඩුව හා එක්ව ඇමති තනතුරු ලබා ගන්නේ නම් ඔහු වහාම පක්ෂ සාමාජිකත්වයෙන්  සහ  පක්ෂයෙන් නෙරපා හැරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්  ලංකාසරට පැවසීය.

තම පක්ෂය මෙම තීරණය ගනු ලැබුවේ නව ආණ්ඩුවේ ඇමති තනතුරු නොගෙන  ආණ්ඩුව පවත්වා ගැනීම සඳහා  සහාය පල කිරීමට තීරණය කර තිබියදී  එම තීරණය නොසලකා මන්ත්‍රීවරුන් කීප දෙනෙක් ආණ්ඩුවේ ඇමතිකම් ලබා ගැනීමට පක්ෂයටත් රහසින් සාකච්ඡා කරමින් ඇති නිසා බව එම ප්‍රකාශකයා පැවසීය.

මේ අතර ආණ්ඩුවේ  ඇමති ධුර ලබාගෙන එහි කොටස්කරුවෙක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ක්‍රියා කළ යුතු බව එම පක්ෂයේ දුමින්ද දිසානායක,  ලසන්ත අලගියවන්න, නිමල් සිරිපාල ද සිල්වා, චාමර සම්පත්,  ජගත් පුෂ්පකුමාර, මහින්ද අමරවීර යන මන්ත්‍රීවරු පක්ෂයට බලපෑම් එල්ල කර ඇත.

එමෙන්ම  නව ආණ්ඩුවේ තනතුරු  ලබාගෙන ආණ්ඩුව සමග එක්වීම සම්බන්ධව  මෙම මන්ත්‍රීවරු කණ්ඩායම  අගමැති සහ ජනාධිපති සමග සාකච්ඡා පවත්වා  තීන්දු තීරණවලට පැමිණ ඇති බව ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත්  පක්ෂයේ යම් පිරිසක්  හිතුවක්කාරී ලෙස ඇමති ධුර ලබා ගන්නේ නම්  ඔවුන් වහාම ක්‍රියාත්මකවන පරිදි පක්ෂයෙන් නෙරපන බව ඉහත ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version