ඇඳ ඇතිරිල්ලෙන් ගෙල සිර කර බිරිය සැමියාව මරා දමයි…

බිරිය පොලිස් අත්අඩංගුවේ .... කුඩා දරු තිදෙනා පරිවාසයට යොමු කරන තුරු පොලිස් භාරයේ...

කීර්ති ප්‍රනාන්දු –

ඇඳ ඇතිරිල්ලකින් ගෙල සිර කර බිරිය විසින් සිය සැමියාව මරා දැමීමේ පුවතක් කොස්වත්ත ලුණුවිල ප්‍රදේශයෙන් වාර්තාවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

බිරිය විසින් මරා දමා ඇත්තේ ලුණුවිල පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි. දීර්ඝ කාලයක් තිස්සේ පැවති අඹු සැමි ආරවුලක් දුර දිග යෑම නිසා මෙම මිනී මැරුම සිදුවී ඇතැයි පොලිසිය කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සැකකාර බිරිය 38 හැවිරිදි වියේ පසුවන්නියකි. මෙම අඹුසැමි යුවලට කුඩා දරුවන් තිදෙනෙක් ද සිටින බව පොලිසිය කියයි. සැකකාර බිරිය පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර දරුවන් තිදෙනා පොලිස් භාරයේ පසුවන බව වාර්තා වේ. දරුවන් පරිවාස භාරයට පත් කිරීමට කයුතු කරමින් සිටින බව පොලිසිය කියයි


Exit mobile version