ඇඳුම් මාරුකරන වෛද්‍යවරියන්ගේ ඡායාරූප ගත් වෛද්‍යවරයෙක් රාගමදී අත්අඩංගුවට

රාගම ශික්ෂණ රෝහලේ ඇඳුම් මාරුකරන කාමරයක සැඟව වෛද්‍යවරියක ඇඳුම් මාරු කරන ආකාරය ඡායාරූපයට නගමින් සිටි වෛද්‍යවරයකු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. කොළඹ ජාතික රෝහලට අනුයුක්තව සේවය කරන මෙම වෛද්‍යවරයා කල්මුණේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු වන අතර ඔහු කලක් රාගම ශික්ෂණ රෝහලේද සේවය කර ඇත.

වෛද්‍යවරිය ඔහු ඇඳුම් මාරුකරන කාමරයේ සැඟව සිටින බව නිරීකෂසණය කිරීමෙන් පසුව වහාම අදාළ අය දැනුවත් කොට ඔහු සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමට පියවර ගෙන ඇති අතර ඒ අනුව අත්අඩංගුවට ගත් වෛද්‍යවරයාගේ දුරකථනය පරීක්ෂා කිරීමේදී අදාළ ඡායාරූපද පවතින බව හඳුනාගෙන ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම වෛද්‍යවරයා මීට පෙරද මෙම සථානයේ ඡායාරූප ගත් බවට පොලිසියේ සැක පහළ කරන අතර ඔහු මේ වනවිට මහර මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත.


Exit mobile version