ඇඳිරි නීතිය සහ කොවිඩ් පාලනය ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

මහචාර්ය ජයසුමන මැති සබයේදී කියයි

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල කේනද්‍රීය ව උද්ගතව ඇති කොවිඩ් 19 වසංගත තත්ත්වය වර්ධනය වීම හමුවේ ඇඳිරි නීතිය පැනවීම සහ ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මේ වනවිටත් ජනාධිපති කාර්යාලයේදී සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශවල සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මීට ටික වෙලාවකට ඉහතදී පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ගම්පහ දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේනතු මන්ත්‍රී හරණෂන රාජකරුණා විසින් පාර්ලිමේන්තුවේදී නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

රාජකරුණා මන්ත්‍රීවරයා විමසා සිටියේ මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කය තුළ දරුණු ලෙස කොවිඩ් වසංගතය ව්‍යාප්ත වෙමින් පැවතියද ඊයේ වන විටත් ඇඳැරි නිතිය පනවා තිබුනේ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පමණක් බවයි.


එසේ වුවද මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කයේම අවදානම සලකා ඇඳිරි නීතිය නොපනවන්නේ මැන්දැයි ඔහු පාර්ලිමේතුවේදී ප්‍රශ්න කර සිටියේය.

සෞඛ්‍ය අමාත්‍යවරිය මේ මොහොතේ සබා ගැබේ නොසිටි හෙයින් ඊට පිළිතුරු දුන් මහාචාර්ය ජයසුමන ජනතාව අතර අසාමාන්‍ය කලබලයක් සහ අපහසුතාවක් ඇති නොවන පරිදි ආරක්ෂක අංශ සහ සෞක්‍ය අංශ පසුගිය බදාද කිහිපය තුළ පියවරෙන් පියවර ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ බව සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇඳිරි නීතිය පනවන බවට විවිධ සමාජ මාධ්‍ය ජාල තුළ විවිධ ව්‍යාජ ප්‍රචාර කළද ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් තීරණ ගැනෙන්නේ සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ හොඳින් අධයනය කිරීමෙන් පසුව බවත් මේ වනවිටත් ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් එවැනි සාකච්ඡාවක් පැවැත්වන බවද ඔහු පැවසීය.

Exit mobile version